සෙල්සියස් අංශක 4-8 උෂ්ණත්වයෙන් ගබඩා කළ යුතු යෝගට් තොගයක් සෙල්සියස් අංශක 29 උෂ්ණත්වය යටතේ ගබඩා කළ ලොරියක් අත්අඩංගුවට ගත් කොබෙයිගනේ සෞඛ්‍ය නිලධරයෝ එම යෝගට් විනාශ කරන ලෙස නියෝග කළහ.
යෝගට් වැනි ආහාර අධික උෂ්නත්වය යටතේ තැබීමෙන් බැක්ටීරියා වර්ධනය වන බවත් එවැනි ආහාර මිනිස් ආහාරයට නුසුදුසු බවත් ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලදාරීන් කර තිබෙන්නේ ඉතා උතුමා ක්‍රියාවක් , මෙය නිසා ජිවිත ගණනක් රැකෙනවා , නැතිනම් මේවා කළා රෝහල් ගතවී , මරණයට ගොදුරු වන ප්‍රමාණය කිව නොහෙක ,මේ උතුම් නිලදරින්ට මල් මිටක් මගෙන් (දී)
කන්නේ කුණු කෑම , බොන්නේ අපිරිසිදු වතුර , ජීවත්වන්නේ මරණ බියෙන් , මේ ඔක්කොම නැති බැරි දුප්පත් දුප්පත් මිනිහට , සුපිරි කෑම , රටින් ගෙන්වන වතුර , භාවිතා කරන පොහොසත් අයත් ඉන්නවා , (දී)
ලොකු කොම්පැනි ඔක්කොම යෝගට් කියල විකුනන්නේ ලාබෙට තියෙන පිටි වලින් හදපුවා දැන් රටේ තියෙන කිරි ප්‍රමාණය අනුව ඔච්චර හදන්න බැහැ. ඔක්කොම යෝගට් ටෙස්ට් කරන්න (දී)
අනේ මන්දා. (දී)
ඔය යෝර්ගට් කන එක නවත්තල අපේ සිංහල කිරි පැණි කන්න පුරුදුවන්න , කිරි කන කොටම ත්රෙනවා හොඳ නරක , සිය රට දේ , සිරි සැප දේ (ස)
වගකිවයුතු නිලධාරිනි, නිරතුරුවම ඔබලාගේ රාජකාරිය හරියටම ඉටුකර අසරණ පාරිභෝගික ජනතාවට සාධාරණය ඉටුකර දෙන්න, ඔබ සැමට ජනතා ප්‍රණාමය,..... (ස)
අපේ භාර්යාව,හැම වෙලාවකම ඔවැනි දේවල් දරුවන්ට දෙන්න කලින්, මුලින්ම කාලා බලනවා.මොකද හේතුව බොහෝ විට ඕවා නරක් වෙලා, නියමිත උෂ්ණත්වය යටතේ නැති නිසා. (දී)
ඔය වගේ දේවල් ප්‍රවාහනය කරන විට ශීතකරන සවිකළ වාහන අපේ රටේ භාවිතා කරන්නේ නැද්ද? (නි)
යෝගට් හදන්නේ බැක්ටීරියා යොදාගන. එය අංශක 4ට තබාගන්නේ වැඩිකලක් ආම්ලික නොවී තබාගැනීමට. අංශක 29 තිබූවිට එහි අරක්ෂිතබවට හානි නොවේ. මෙවැනි නීති තෝරාගන්නේ නැතුව ක්‍රියාත්මක කිරීම අවදානම්ය (නි)
සීතල කෑම අංශක 5 ට අඩුවෙනුත් උණුසුම් කෑම අංශක 60 ට වැඩියෙනුත් තිබිය යුතුයි . ලංකාවේ බොහෝ තැන්වල නියමිත උෂ්ණත්වයේ අහාර ගබඩා කරන්නේ නේ නෑ. (දී)
උපාලි සොහොයුරා කියන කතාවේ සත්‍යයක් තියනවා. ශීතල කාලගුණයක් සහිත රටවලද මා දැක ඇති පරිදි යෝගට් ශීතකරණයෙන් එළියට ගෙන තරමක කාලයක් තබා ගත හැකිවුණත් ශ්‍රී ලංකාව ඝර්මකලාපික රටක් නිසා මේ වැටලීම සාධාරණ වියහැකියි.අපිත් දන්නේ නැතුව කොච්චර ඕවා කාලා ඇද්ද ? (නි)
අජිත්, මීකිරි වලට ඔබට දිය හැකි සහතිකය මොකක්ද? වෙළදපොළේ තියෙන කිරිවලින් සියයට 90 ක් තියෙන්නේ බාල කිරි. ලේබලය බැලුවහම සේරම තිස්සමහාරාම කිරි, එහෙම නැත්නම් රුහුණේ කිරි. (නි)