(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි,ලොරි රථ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුවළක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ දෙදෙනකු බවද පොලිසිය කියයි.
යතුරු පැදිය ලොරි රථයේ ගැටී මීටර් තුන්සියයක් පමණ දුරට ඇදිගොස් ඇති අතර ලොරි රථය අතරමග දමා එහි රියදුරු පැනගොස් සැඟව සිටියදී පොලිසිය ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යුවළ ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම මාරක රිය අනතුර සිදුකළ ලොරි රථය පැලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්තශාලාවකට අයත් එකක් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් මේ රටේ සමාජ ව්‍යසනයක් 90% විතරම මැරෙන්නේ මෝටර්සයිකල් පදින අය මෙතන මම දන්නේ නැහැ .කාගේද වැරැද්ද කියල නමුත් අර කට්ටියගේ පාරේ විනය නම් අන්තිමයි - අනිත් පැති වලත් එහෙම ද මම දන්නේ නැහැ නමුත් මේ අගනගරේ උදවිය ගැන නම් කියල වැඩක් නැහැ