රිදිගම කැප්පිටිගල නගරය ආසන්නයේ පිහිටි බ්‍රිතාන්‍ය සමයට අයත් පාලමක් අද (22) ලොරි රථ දෙකක් ද සමඟ ගිලා බැසීම නිසා ප්‍රදේශයේ වාහන ගමනාගමනය ඇනහිට ඇතැයි රිදිගම පොලිසිය පවසයි.
ලොරි රථ දෙකේ කිසිවකුට හානියක් නැතැයි පොලිසිය සඳහන් කරයි.
රිදිගම කැප්පිටිගල නගරය ආසන්නයේ පිහිටි බ්‍රිතාන්‍ය සමයට අයත් පාලමක් අද (22) ලොරි රථ දෙකක් ද සමඟ ගිලා බැසීම නිසා ප්‍රදේශයේ වාහන ගමනාගමනය ඇනහිට ඇතැයි රිදිගම පොලිසිය පවසයි.
ලොරි රථ දෙකේ කිසිවකුට හානියක් නැතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපවතිගේ කතාවෙත් ඇත්තක් තියනවා. හැබැයි ඔවා සුද්දා අපිට ආදරේට කල දේවල් නම් නෙවේ. අපේ රටේ සාරය වරායට ඇදගන්න හදපුවා බවත් හිතේ තියාගන්න ඕනේ. (ර)
සුද්දෝ අපේ රට කබාසිනිය කරල, අපේ සංස්කෘතිය විනාශ කරල සිංහළ බෞද්ධයගේ කොදු කඩල දාපු හැටි මේ කළුසුද්දන්ට නොතේරෙන එකනේ පුදුමේ.(නදී)
අප්පුවගේ මොලේ තමයි මොලේ.කොහෙද යන්නේ මල්ලේ පොලනේ දොඩවන්නේ.යමක් කියවල වටහා ගන්න බොරුවට උඩින් පල්ලෙන් බලන්නේ නැතුව.අපේ මිනිසුන්ට අද කොඩිවිනේ වෙලා තියෙන්නේ ඔන්න ඔය හීනමානේ ඔලුවේ තියෙන නිසා තමයි. (ස)
දැක්කා නේද ලංකාවේ පාලම් වල ප්‍රමිතිය.(හේ)
අනේ විජයබාහු යමක් කියන්න කලින් හිතලා බලන්න කියන දේ කොයි තරම් තර්කානුකුලද කියලා. සුද්දා අපෙන් හූර ගත්ත දෙයක් නැහැ. ඔබ ඔය විදියට ලියන්නේ කියවන්නේ සුද්ද නිසා තමයි. මොකද අපිට අධ්‍යාපනය දුන්නේ සුද්දා, අදටත් අපි පාවිච්චි කරන පාලම්, රේල්පාරවල් සුද්දා හදපුවා. අපි ලොකුවට කයිවාරු ගහන තේ වතු ටික , තේ පැක්ටරි ටික හැදුවේ සුද්දා. (ර)
සුද්දෝ අපේ රටෙන් අරන් ගිය දේවලට වඩා යමක් අපිට ඉතිරි කරලා ගියා. "සුද්දන් ගේ පාලනයෙන් පසු අපේ දියුණුව" වැනි මාතෘකාවක් සම්බන්ධ විවාදයකට මම කරුණු හොයලා දුන්නා. එයින් එක කරුණක් තාම මතකයි. එනම් තේ පාලන දෙපාර්තමේන්තුවේ වාර්ෂික තේ නිෂ්පාදන ස්ථම්භ ප්‍රස්තාරයයි. වසරින් වසර නිෂ්පාදනය ටික ටික ඉහල ගිහින් එකවසරකදී (1972/73 පමණ )පෙර වසරින් බාගයකටත් වඩා අඩු අස්වැන්නක් ලැබෙනවා. ඒ තමා රන් පවුම් වතු ජනසතු කරලා සුද්දන් එලවා දාලා අපේ කස්ටිය පාලනය බාරගත් පසු ගතවූ පළමු වසර. එයින් වසර ගණනාවකට පසුවවත් සුද්දන්ගේ කාලයේ තරම් පලදාවක් ගන්න අපේ අයට බැරි උනා. (ස)
ඔන්න ඔහොම තමයි ලාල් ඉන්න ඕනේ අපි ඇත්ත පිළිගන්න තාක් කල් අපිට හරියන්නේ නැහැ. අපේ ලංකාවේ සිංහලයට සුද්දව පෙනෙන්න බැහැ අද වෙනතුරුත් ඒ රටක් වටිනා දේවල් අපිට අනාගතේට ඉතුරු කරලා ගිය සුද්දට කිරිඅම්මා කිරි අප්පුච්ච ඉවර වෙනකම් දෙස් දෙවොල්ල් තබබින් ඒ සුද්දාගේ දහදිය බින්නුවට බැණ වදිනවා. අද අලුතෙන් හදපු පාරේ අපි රේස් ගිහින්, මැරෙනවා ඒවගේ කැඩිලා වලවල් මාළු බෑවහැකි. එත් සුද්දා හදපු පාරවල් අදටත් එහෙමමයි. ඒ පාලම ඒක කැඩෙන්න ඇත්තෙත් අපේ සිංහලයෝ එකේ ගල් ගෙඩි ටිකවත් ගලවන් ගිහින් ඇති ඒකයි. නැතිනම් පාලම යටින් ඔයේ වැලි ටික හාරාගෙන ගිහින් ඇති. අපේ මිනිසුන්, බලධාරීන්, පරිසරයට නෙමේ ආදරේ. බඩ ගෝස්තරයට සහ දේශපාලන ලොක්කන්න්ගේ බල පුළුවන් කාරකමට නිසා ඕවා ඔහොම වෙනවා...? දුකයි අපේ රට ගැන මිනිසුන්ගේ ආකල්ප ගැන...? (ර)
මේ පාලම සුද්දන්ගේ කාලේ හදපු එකක් රජයෙන් මෙය නඩත්තු කරා නම් මෙහෙම වෙන්නේ නැහැ.(හේ)
ඉසුරන්දි, රුපවති ලක්දීපයේද ඉපදුනේ එරෝප්පෙට ගොහින් පදිංචි උනා නම්.. ඔය චීන්නුත් සුද්දන්ට පින්සිද්ධ වෙන්නද පාලම් හදලා එවගෙන් එගොඩ උනේ. (ර)
සුද්ද ගිහින් අවරුදු 70ක් වෙනවා. උන් හදපු රේල්පාරට හැතැප්මක් එක්කරගන්නට තවම අපට බැරිඋනා. එක්කරගන්න ගිහින් එකෙනුත් බලන්නේ ගසාකන්න. මෙහෙමත් ජාතියක්. (ර)
එතකොට ඌව වෙල්ලස්සේ වීරෝදාර සිංහලුන් අඹු දරුවන් පිටින් මර දැම්මේ ඔය මහා ලොකු සුද්දන්ද.? යටත් විජිත ආකල්පෙන් ගලවා ගන්න බැරි හැටි. (ර)
ඔහොම ගියපු එක ලොකු දෙයක්.(හේ)
වාහන දෙකක් සමග පාර ගිලා බහින්න තරම් ඒ පාලමේ තත්වය හිතාගන්න පුළුවන්.සුද්දට පින් සිද්ධවෙන්න මෙච්චර කාලයක් හරි දුවන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි.(ම)
හොද පාඩමක් මටත් කියන්න තිබෙන්නේ ඉසුරන්දි. කිවූ ටිකමයි හැමදාම. සුද්දට බැන බැනා මම තමයි ලෝකෙටම ඉස්තරම් කියලා. පිනට කකා මම්මලි කමට හිටිය සිංහලයා පොලව පලන් ඇදගෙන යන දවස වැඩි ඈතක නැහැ ....? (ම)