(ජේ.ඉඳුරුවගේ)
කොළඹ ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට අලවතුගොඩදී අද(29)අලුයම ලොරියක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව බෙන්තොට පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු බලපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර් රථයේ හානි බැලුවාම පේන්නේ අනතුර මාරක අනතුරක් නොවිය හැකිව තිබූ බවයි, මගීන් දෙදෙනා ආසන පටි පැළඳ නොසිටියා විය හැකියි. අනෙත් කාරණය ඉන්දියානු බර වාහන වල ගැටෙන කුඩා වෑන් කාර් වලට සිදුවන හානියට මූලික හේතුවක් වන්නේ බර වාහනයේ නිසි පරිදි ක්රම්ප්ල් සෝන් නොපවතින නිසා බවයි. මා මින් පෙර දුටු මෙවැනි අනතුරු කීපයක ඡායාරූප වල අදාළ බර වාහන වලට වී තිබුණේ ඉතා සුළු හානි පමණයි. මේවා බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු කාරණා ලෙස දකිමි.
අනතුරින් වම්පස හානිවෙලා තියෙන්නේ කොහොමද කියන්න නම් තේරෙන්නේ නැහැ. එක්කෝ රියදුරු තමන් බේරෙන්න වාහනය හරවල තියෙනවා. ඉදිරිපස ආසනයේ කාන්තාවක් සිටියානම් මියයාමේ අවස්තාව බොහෝ සේ ඇතිමුත්, පිටිපස සිටි අය ආසන පටි පැළඳගෙන නොසිටීම නිසා මියගිය බවයි පෙනෙන්නේ. ආසන පටි, හිස රඳවනය ගැන මිනිස්සු හිතන්නේ නැහැනේ. අනික මේක ඉන්දියන් වාහනයක් නෙමෙයි. හොන්ඩා වර්ගයේ එකක්... ආරක්ෂක උපාංග ප්‍රමිතියට තියෙනවා.
අපේ රටේ අද මිනිස් ජීවිත තුට්ටුවට වැටිලා... අද ඇතැම් බර වාහන රියදුරන් කිසිම විනයක් නැති විදිහට තමයි රිය පදවන්නේ.... ඒ අතර බොහොමයක් දෙනා බීලයි යන්නේ.. පොලිසියෙන් ඇල්ලුවොත් දේශපාලකයෙකුගේ ටෙලිෆෝන් කෝල් එකෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් බව ඒ අය දන්නවා. මේවා ද සාමාන්‍ය දේවල්... ඉතින් කොහොමද කියන්නේ අපේ රට සුරක්ෂිතයි කියලා...