IMG-LOGO

ලයිට් ගියාට වගකීම මණ්ඩලය බාර ගනී

(රංජන් කස්තුරි)

දිවයින පුරා ඉකුත් 9 වැනි දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම සහ එය යථා තත්වයට පත් කිරීමට පැය පහකකාලයක් ගතවීම සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මාසික රැස්වීම ඉකුත් 20 වැනි දින පැවැති අවස්ථාවේ ලංවීම බලධාරීන් ඒ පිළිබඳ වගකීම බාරගන්නා බව ප්‍රකාශ කළේ යැයි ද ඔහු කීය.

හදිසි විදුලිය බිඳවැටීමක් සිදු වු අවස්ථාවක අතිරේක විදුලි ජනනයක් පවත්වාගත යුතු නමුත් එවි වැඩපිළිවෙළක් මණ්ඩලයට නෙැමිති බව ද ලංවීම බලධාරින් පැවැසූ බව ද සභාපතිවරයා පැවැසීය. 



අදහස් (3)

ලයිට් ගියාට වගකීම මණ්ඩලය බාර ගනී

Aruna Manipura Thursday, 28 December 2023 07:49 AM

වගකීම භාරගත්ත එක හොඳ නමුත් ඊළඟ පියවර මොකද්ද එවන් දේවල් නැවත නොවෙන්න. අපි හැමදාම දේශපාලනයට බැන්නට අකාර්යක්ෂම සහ වගකීමෙන් සහ වගවීමෙන් තොර රාජ්‍ය නිලධාරින් නිසා සාමාන්‍ය ජනතාවට වන අපහසුතා කොතරම් ද? වැටුප් වැඩිවීම් සහ පාරිතෝෂික ඉල්ලීම් සඳහා සටන් කරන වෘත්තීය සමිති මේවට මොකද කියන්නේ?

:       0       0

Nimal Thursday, 28 December 2023 08:25 AM

වගකීම බාරගත්තාම මොකද වෙන්නේ? මාමේ... අපේ ලයිට් බිල අඩුකරනවාද?

:       0       0

Senarath Thursday, 28 December 2023 08:52 AM

මෙයාලා වගකීම බාරගන්නවා කිව්වාම මිනිස්සුන්ට වෙච්චි පාඩුව පියවෙනවාද? අධිශීතකරණවල තිබුණු මස්, අයිස් ක්‍රීම් වගේ දේවල්... එතකොට ෆාමසිවල තිබුණු බෙහෙත්වල කාලය ඉකුත්වීම වගේ දේවල් වලට වගකියන්නේ කවුද? ඒ බෙහෙත් බීලා මැරෙන අහිංසක ලෙඩ්ඩුන්ගේ පවුල්වල ඉන්න පුංචි දරුවෝ ගැන බලන්නේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site