පොලිස් නිලධරයකුට එරෙහිව සාක්කි වශයෙන් ගෙන ආ බව කියන ලියැවිලි ඇතුළත් බෑගයක් වැලිවේරිය පොලිසියේ දී නැතිවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව කියමින් ගම්පහ වැසියෙක් ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයට පැමිණිලි කළේය.
පොලිසියේ තිබූ බෑගය රැගෙන යනු දුටු කිහිප දෙනකු ඒ ගැන පොලිසියට කීවත් එය නොසලකා හැර ඇතැයි ද, මේ වන තෙක් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැතැයි ද එම පුද්ගලයා කියයි.
මේ ගැන කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය පැවසුවේ සහකාර පොලිස් අධිකාරීවරයකු මගින් මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට උපදෙස් දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙන වැඩක්නේ (බ)
එක්තරා පොලිසියක ස්ථානාධිපති තුමාගේ මේසය උඩ ඔහුගේ තරහ කරුවෙක් (පොලිසියේම) අසූචි තබා තිබුනලු. අතිශය උදහසට පත් ලොක්කා වහාම නිල බලය යොදා පොලිස් සුනඛයෙක් කොළඹින් ගෙන්වා වරදකරු අල්ලා ගැනීමට අසූචි ඉව කිරීමට සැලස්සුවාලු. පොලිස් සුනඛයා ඉව ඇල්ලූවා පමණක් නොවේ එක වරම එය ගිල දැම්මලු. අවසානයේදී නඩු භාණ්ඩ ඉදිරිපත් කිරීමට නොහැකි නිසා නඩුව එහනින්ම කෙළවර වුනාලු (බ)