කොළඹ මධ්‍යම තැපල් හුවමාරුවේදී විදේශ පාර්සල් කඩා වැනසීයැයි වැරදිකරු වු ජා ඇල අන්තොනි අප්පුහාමිට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අත්හිට වු සිර දඩුවමක් නියම කළේය.
රුපියල් එක්දහස් පන්සීයක දඩයක් ද ගැසුවේය.
ඔහු එම පාර්සල් හා ලියුම් හොරෙන් කඩා ඒවාගේ තිබු සල්ලි රැගෙන ඇති බවද උසාවියේදී කියැවිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න දෙයක් නැහැ, කලේ වරදක්නේ (දී)
පෞද්ගලිකත්වය හොදම තැනක් තමයි තැපෑල කියන්නේ ඒ නම නැති කර ගන්න එපා (දී)
දඩය දැකලා දැන් මෙයා විතරක් නෙමෙයි දැන් අනික් තැපැල් මහත්තුරුත් මහත් හොරු වෙයිද දන්නෙ නැහැ. (නි)
බෙනට් මහත්තයා, ඔයා කරල තියෙන වැඩේ සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. එය විදේශ විනිමය වංචාවක්. (නි)
අනික් අයත් ඔය දඩය දැක්කම ලියුම් කඩන්න පටන් ගනී. මමත් පොත් වගයක් එව්වා ඇමසන් එකෙන් ලංකාවට. ඔය පොත් ටික බාර දෙන්න මෙයාලා පගාව ඉල්ලුව නේ. පස්සේ පස්සෙන් ගිහින් ගිහින් හරි අමාරුවෙන් ඒ ටික ගත්තේ. ඒ පාර්සල් එකත් කඩලා ඇතුලේ ඔක්කොම එලියට අරන් තිබ්බේ ඔහොම තමයි තැපෙල් කාරයෝ.(නදී)
මමත් ගයන්තට එකගයි. ඔය විදියට යවද්දි අවදානමත් බාරගත යුතුයි.(නදී)
රාජකීය හොරු.(නදී)
එක වතාවක් මමත් විදේශයක ඉඳල එයාර් මේල් එකක රුපියල් 50,000 ක් වටිනා විදේශ මුදල් දාල ගෙදරට එවුවා ඉතාම වටිනා සහ හදිසි වැඩකට. නමුත් ලියුම ලංකාවෙන් ගෙදරට ලැබුනේ නැ. මෙයාද දන්නේ නැ වැඩේ දුන්නේ. මේ වගේ හොරෙක්ට ගහල තියෙන දඩය සහ දීල තියෙන දඬුවම හොඳටම මදි. මේකට කියන්නේ සාපරාදී විශ්වාසය කඩ කිරීම කියලා. අපි විශ්වාසෙන් දානවා. මෙයාල පිනට පඩි අරන් තව අනුන්ගේ බඩු හොරකමුත් කරනවා.(නදී)
අපෝ ඔය ගැන නම් කතා කරල වැඩක් නැහැ. අනුන්ගේ ලියුම් කඩන්නේ බාල්දුවට.(නදී)