
(එස්.රුබතීසන්)
වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එකතු කළ අගය මත බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.
වැට් බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන විට ඔවුන්ගේ වැට් ලියාපදිංචි අංකය දෘශ්‍යමාන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් එලෙස වැට් බදු සඳහා ලියාපදිංචි නොවී වැට් බදු අයකරනු ලබන ව්‍යාපාර ආයතන පිළිබඳව පාරිභෝගිකයන්ට සෘජුවම දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණිලි කළ හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම පැමිණිලි පිළිබඳ පියවර ගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.
වැට් බදු සඳහා ලියාපදිංචි නොවී වැට් බදු අයකරන බවට පැමිණිලි ලැබූ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාර ආයතන පසුගිය බදාදා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන් වැටලූ බවත් එම ආයතනවල තිබූ ලිපිගොනු සහ පරිගණක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බාරයට ගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලියාපදිංචි නොවී වැට් කපන ආයතන ගැන සොයයි
සුමිත් Monday, 29 January 2024 07:08 AM
දරුවන්ට පොත් පත් ටික මිලදී ගැනීම මේ දිනවල සිදුවේ. බහුතරයක් පොත් කඩ හිමියන් නැවත බිලට වැට් එකතු කරනු ලබනවා. හැකි තරම් පොත් කඩ සුක්ෂමව පරීක්ෂා කරන්න. වැට් එකතු කරගනු ලැබූ බිල් පාරිභෝගිකයන් විසින් දන්නා පුද්ගලයන්ට පෙන්වන්න.
තේජන Monday, 29 January 2024 07:12 AM
පසුගිය යහපාලන රජය අවස්ථාවේද ඉන්පසු පැනගිය ජනපති සිටි කාලය තුලද රජයන්ට පාලනය කිරීමට අපහසු වුයේ දේශපාලන පක්ෂ ඔලුවේ තියාගත් රාජ්‍ය සේවකයින් ව්‍යාපාරිකයින් ජනතාව අපහසු තාවයට පත්කරමින් සිදුකල කටයුතුය. සිමෙන්ති වැඩි මිලට විකිණීම රාජ්‍ය සේවය තුල බොරු පැතිරීම වැනි ක්‍රියා. මෙම පාලකයා ඒ ගැන කටයුතු නොකිරීම ජනතාවට හිතවත් නොවීම හේතු විය හැක .
තේජන Monday, 29 January 2024 07:15 AM
පසුගිය යහපාලන රජය අවස්ථාවේද ඉන්පසු පැනගිය ජනපති සිටි කාලය තුලද රජයන්ට පාලනය කිරීමට අපහසු වුයේ දේශපාලන පක්ෂ ඔලුවේ තියාගත් රාජ්‍ය සේවකයින් ව්‍යාපාරිකයින් ජනතාව අපහසු තාවයට පත්කරමින් සිදුකල කටයුතුය. සිමෙන්ති වැඩි මිලට විකිණීම රාජ්‍ය සේවය තුල බොරු පැතිරීම වැනි ක්‍රියා. මෙම පාලකයා ඒ ගැන කටයුතු නොකිරීම ජනතාවට හිතවත් නොවීම හේතු විය හැක .
පාලිත Monday, 29 January 2024 07:18 AM
සීනුව උතුරට හැරිලා තිබුනට මේ රටේ ජනතාව දන්නවා වැඩිහරියක් ඔයවගේ වැඩ කරන්නෙ එයාල කියල. මේ රටේ ජනතාව අපහසු තාවයට පත් වෙනකල් මැරෙනකල් බලාගෙන ඉන්නේ, කවුරු බලය ගත්තත් කරන්න වෙන්නෙ මුල්‍ය අරමුදල කියන විදිහට. ඒ නිසා ජනතාව ඉන්න ඕන හොඳ කල්පනාවෙන්.