අලුත්ගම හා ධර්ගා නගරයේ දී මාධ්‍යවේදීන් හතර පස් දෙනකුටම පහර දී කැමරා කඩා බිඳ දමා ඇතැයි එම මාධ්‍යවේදීහු කියති.
බෙල්ල තුවාල වී රෝහල් ගත වී සිටින මාධ්‍යවේදියකු පැවසුවේ ධර්ගා නගරයේ කාණුවක දිගාවී නොසිටියේ නම් අද තමා ජීවතුන් අතර නැති බවයි. ඔහුගේ කැමරාව ද උදුරාගෙන ඇත.
තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ කැමරා උදුරාගෙන හෝ පොළොවේ ගසා කඩා දමා ඇත.
පසුගිය 15 වැනි දා ධර්ගානගරයේ දී ලංකාදීප මාධ්‍යවේදියකුගේ වීඩියෝ කැමරාව පොළොවේ ගසා කඩා එහි කැබැල්ලක් ඔහුට දී තිබේ.
එම කැමරාව රුපියල් ලක්ෂයක් පමණ වටිනා බවත්, කැමරාව අහිමි වීමෙන් තම වෘත්තියට දැඩි බලපෑමක් එල්ල වූ බවත් අද පැමිණිලි කළේය.
අල් ජසීරා රූපවාහිනියේ මාධ්‍යවේදීන් ගමන් කළ රියකට ද ධර්ගා නගරයේ දී ගල්මුල් ප්‍රහාරයක් එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප මාධ්‍යවේදියකුගේ වීඩියෝ කැමරාව පොළොවේ ගැසීම ගැන ඇත්තෙන්ම කනගාටුවෙනවා. ඕක නැත්නම් සිංහලෙන් මොකද වෙන්නේ කියල දැන ගන්නත් බැහැ (නදී)
දැන්වත් කරුණාකරලා මාධ්‍ය වල උන දේවල් කියන්ඩ. ඇයි මාධ්‍යෙව්දියෝ මෙච්චර බය වෙලා ඇත්ත රටට හෙළි කරන්ඩ. (නදී)
එක දෙක කරලා ලෝකෙටම දෙවි අයෙත් දෙකක් නැ (අ)
ලංකාදීපයට සම්බන්ධ මාධ්‍ය වේදියෙකුට එවන් අතවරයක් උනානම් හදවතින්ම සමාවන්න. නමුත් හිමිනමක් මියගියා යැයි ජාති භේදය අවුස්සන්නට බොරු තොරතුරු සපයපු මාධ්‍යවේදියා අයිති සමාගමට නම් "සොරිම" තමයි. (අ)
ආයෙත් අහන්න දෙයක් නැහැ, ඔය කැත වැඩේ කලේ ගමේ මිනිස්සු නම් නෙමේ, පිටින් ආපු අන්තවාදී මැරයෝයි. (අ)
මේ වගේ අවස්ථාවක් වාර්තා කරනකොට හොඳින් ප්‍රවේශම් වියයුතුයි (නි)
කරුණාකර අහිංසාව පදනම් වූ බුදු දහම අනුවන මැරයන්ගෙන් බේරාදෙන්න උගත් කතුවරුනි. (නදී)
මාධ්‍ය මේ අවස්ථාවේ ක්‍රියාකළ ආකාරය හරිම ප්‍රසංසනීයයි. ඔවුන් ගැටුම් පැතිරී නොයෑමයට ක්‍රියා කළේ ක්‍රෝධය වෛරය පැතිරෙව්වේ නැත. ලංකාදීප ඇතුළු ලංකාවේ සියලුම මාධ්‍යයට හිස නමා ආචාර කරමි. (අ)
ගැහුවේ කවුද කියලා ඒගොල්ලෝ දන්නවා. කියන්නේ නැත්තේ එතකොට ජාතිවාදී කියලා කියන නිසා. (නදී)
තිරිසන්නු කියල කියන්න ඕන මෙහෙම උන්ට තමයි. ජාති, ආගම් නෙමේ, මොවුන්ගේ මතයට එකඟ නොවන හැමෝටම සලකන්නේ ඔය විදිහට තමයි. ලේ පිපාසිත මිනීමරුවෝ. කඩ ගිනි තියල අනුන්ගේ දේපොළ වලට අලාභ හානි කලට පසුව සැපට නින්ද යනවා ඇති. (අ)
තමන්ගේ නිරුවත වහගන්න මිනිස්සු ඔය වාගේ වැඩ කරනවා (අ)
මේ ඇත්තද (අ)
කව්ද දැන් මේ අලාබය ගෙවන්නේ ? (නදී)
අජිත්ගේ කතාවට මමත් එකඟයි (අ)
මාධ්‍යවේදීන්ට ගහන එක වැරදියි. මොකද ඔවුන් නැත්නම් පිට රට වල ඉන්න අය මෙහෙ මොකද වෙන්නේ කියා දන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හෙළුව වහගන්න අනුන්ගේ රෙදි ගලවලා හරියන්නෙත් නැහැ (නදී)
මේවා ඇහෙනකොට දකිනකොට හරිම වේදනයි. රටේ නීතිය අහක බලනකොට විශ්වාසය කියන දේ සාමාන්‍ය මිනිසාට නැති වෙනකොට සියලු ජන ජීවිත කඩා හැලෙනවා නේද? ඇයි මේවා පාලකයින්ට නොතේරෙන්නේ. (නදී)
කවුද මේ අයට දැන් පිහිට වෙන්නේ? එයාලා කරන්න ගියේ රාජකාරියක් (නි)
ලංකාවේ බොහෝ මාධ්‍ය වගකීමෙන් වැඩ කලා. ලංකාවේ මාධ්‍ය වලට ගැහැව්වට මමත් විරුධයි. නමුත් ඔය අල්ජසීරා එකේ අයට ගහපු එකට නම් මම කැමතියි. ඔය අය එන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න. ඔක්කොම බලාගෙන ඉන්නේ අපේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවෙනකන් ඉන්නේ ඒක විකුණගෙන කන්න.(නදී)
මාධ්‍යවේදීන්ට ගහලා, කැමරා කුඩුකෙරුවාට ඒ අයගේ කට වහන්න, ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම නවත්තන්න පුළුවන් කියල හිතනවා නම් ඒ තරම් මෝඩකමක් තවත් නැහැ. කොන්ද පණ ඇති මාධ්‍යවේදීන්ට අපි ණයගැතියි (නි)
දැන් බලන්න මේ මිනිස්සු කරලා තියෙන අපරාධයක තරම (දී)
සමහර ප්‍රතිචාර දාන්නේ සිංහල නම් වලින් වෙනත් කට්ටිය වගේ හිතෙන්නේ..නැත්නම් ගුටි කාපු කට්ටියම විත්තිකාරයෝ කරන්න දගලන්නේ වෙන මොක්කුන්ද.දැන් බැලුවම හැමදුරුවන්ට ගහල තියෙන්නෙත් බොදු බල සේනාවේ පෙරහරට ගහල තියෙන්නෙත් අපිම තමයි..හරි හරි,,.සාදු කාරයක් දීල ඒක අපි පිළිගමු ආගමික සහ වාර්ගික සහජීවනය උදෙසා කියල..(දී)
අපි හැමෝම ශ්‍රී ලාංකිකයන්ය. මුස්ලිම්, දෙමල, සිංහල වශයෙන් බේද වෙන්න එපා. හිතුවක්කාර තීරන නිසා මේ වගේ ප්‍රශ්න ඉදිරියත් ඒවි. අපි හැමෝම කල්පනාවෙන් ඒවාට මුහුණ දෙමු. මේක බලා බනින්න එපා මට. (නි)
සුසිර, ඔබ හරි. හෙළුවෙන් සිටගෙන ක්‍රියා කරන අය ඔවුන්ගේ නිරුවත වසා ගැනීම සඳහා තමයි මේ මිලේච්ජ ප්‍රහාරය කර තිබෙන්නේ. නිර්භීත මාධ්‍ය වේදීන් දිවි පරදුවට තබා මෙවැනි දේ වාර්තා කරන නිසා අපි ගෙදරට වෙලා මේවා, කියවනවා, නරඹනවා. ඒ ගැන ඔබලාට හදවතින්ම ස්තුතිය පුද කරමි.පාඨකයන් ලෙස අපි මේ ප්‍රහාරය තරයේ හෙලා දැකිය යුතුයි. (ස)
මට කියන්න තියෙන්නෙත් සුසිර කියන දේම තමයි (නි)
ලංකාදීප අපේ මාධ්‍යවේදීන්ට ගැසූ එක ගැන නම් හිතට හරිම වේගයක් ආවා.මොකද මේ මාධ්‍යයට පින් සිදුවෙන්න තමයි අපි මොනවාහරි දැනගන්නේ. ඔවුන්ට පින් සිදුවෙන්න අපි දැනුවත් වෙනවා ජීවිත අවදානම් ගැන (නි)
ගැහුවේ කවුද ? (නි)
මේවා අනාගත දරු පරපුරට භයානක ආදර්ශය (නි)
මේ සියලු දෙනාගේ අදහස් වලින් පෙනෙන දෙයක් තමයි පසුගියදා අලුත්ගමදී සිදුවෙච්ච දේ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව අනුමත නො කරන බවත් සුළු නුගත් පිරිසගේ ක්‍රියාවක් බවත්. සිසිර,කුසුම්,ඉන්දික ඇතුළු මේ අදහස් දැක්වූ සියලු සහෝදරයිනි ඔබලා මේ ලක්බිමට වසනාවන්තයන්ය (නදී)
මමත් අජිත්ගේ කතාව පිළිගන්නවා (නි)
අපි සියල්ලන්ම මිනිසුන්ය. ඇයි අපි කා කොටාගන්නේ? (නි)
අනේ පවු ඒ මිනිස්සු! (නි)
ඒ අය මොනවා කරන්නද? ඒක එයාලගේ වෘත්තිය (නි)
මේ ගහගන්නේ මොනවා ඇති කරන්නද? මොනවා නැතිකරන්නද? අපි ඔක්කොම ලංකාවේ මිනිස්සු. (නි)
මාධ්‍යවේදීන්ට පහර දෙන්න ඇත්තේ මොන කණ්ඩායමද කියලා හිතාගන්න පුළුවන්. මොකද එම කට්ටිය කරන වැරදි පත්තරවල වැටෙනවට ඒ අය කැමති නැතුව ඇති (නි)
හරියට, එක මකුණයි කන්නේ ඒ වුණාට සේරම මකුණෝ මැරෙනවා වගෙයි මේ ප්‍රශ්නයත්. විදේශ වල ගිය ප්‍රවෘත්ති දැක්කහම හිතාගන්න පුළුවන් බොහෝ දේ. ලාංකිකයෝ වශයෙන් අපිටත් ලැජ්ජයි (නි)
මිනිසුන්ට ඇයි සමගියෙන් ජීවත්වෙන්න මෙච්චර අමාරු? (නි)