
(විමුක්ති එස් රුද්‍රිගු)
අභ්‍යවකාශ තරණයේදී වඩාත් අභ්‍යවකාශයට හිතකාමී අයුරින් සිදු කිරීම සඳහා නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ලොව ප්‍රථම වතාවට ලී වලින් සැදූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීම සඳහා සැලැසුම් කර ඇත.
ලිග්නෝ සැට් නම් මෙම චන්ද්‍රිකාව ප්‍රමාණයෙන් කෝපි බොන වීදුරු කෝප්පයක තරම් වන අතර මැග්නෝලියා ලීයෙන් සදා තිබේ.මෙම චන්ද්‍රිකාව එළඹෙන වසරේ ගිම්හාන සෘතුවේදී පෘතුවි කක්ෂයට දියත් කිරීම සඳහා නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සැලසුම් කර ඇත.
අභ්‍යවකාශයේදී දැව පිළිස්සී නොගියත් නැවත පෘතුවියට ඇතුළු වනවිට පිළිස්සී අළු බවට පත්වනු ඇති බවත් අනාගතයේදී දැව චන්ද්‍රිකා සෑදීම සඳහා පුදුම සහගත ලෙස ප්‍රයෝජනවත් වැනි ඇති බවත් නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතක කරන්න එපා.. අපේ ගමෙත් මැදමූලනේ අභ්‍යාවකාශතරණය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙන රොකට් කාරයෙක් ඉන්නා බව...!