ප්රධාන ලාම්පු දල්වාගෙන අනවශ්‍ය ලෙස නලා ශබ්ද කරමින් අපරික්ෂාකාරී ලෙස මහමග ගමන් ගන්නා ප්‍රභූ රථ ගැන වහාම සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් තමන්ට ලබාදෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.
‘මේ විදියට පාරේ යන්නේ චොප්පෙ ද, වෙලේ සුදා ද, මරු සිරා ද, ආමි විමලේ ද කියලා කාටවත් හොයන්න බැහැ. එක දිගට වාහන හත අටක් ලයිට් ගහගෙන කඩාගෙන යනවා. පොලිසිය දන්නෙත් නෑ මේ වගේ කවුද යන්නේ කියලා. ඒ ගොල්ලන්ට වමත් නෑ. දකුණත් නෑ. වේග සීමාවක් නෑ. මොකක්වත් නෑ. එහෙම රටේ පාරවල්වල යන්න කිසි කෙනකුට හේතුවක් නෑ. මෙහෙම යන්නේ අපේ ඇමැතිවරුන්ද, නියෝජ්‍ය ඇමැතිවරුන් ද මහා ඇමැතිවරුන් ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද එහෙම නැත්නම් මහා අපරාධකාරයෙක් ද කියලා කවුරුත් දන්නේ නැහැ. මෙහෙම යන්නේ ප්‍රභූවරුන් නම් එයාලත් කවුද කියලා දැනගන්න ඕනෑ නිසයි පොලිස්පතිට එහෙම නියෝග කළේ‘ යැයි ජනපති කීය.
ජනපති මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව තවත් සංවිධාන රැසක සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී අද (1) පෙරවරුවේ ආරම්භ කරමිනි.
‘පරිස්සමෙන් ගිහින් එන්න’ නමින් නම් කර ඇති මෙම මාර්ග ආරක්ෂණ සතිය අද සිට දෙසැම්බර් 7 වැනිදා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනු ඇත.
මාර්ග ආරක්ෂණ සමාරම්භක උළෙලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ජාතික පාසල්වල මාර්ග ආරක්ෂණ කව නිර්මාණය කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ ශ්‍රේණිගත කිරීමේ ජාතික වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම ආදී වැඩසටහන් රැසක් ද අද සිදුකෙරේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලියමක් සොයාගත්තොත් එය වටිනවා (ර)
සොයා බලා නිවැරදි තීරණයක් ගත්තොත් හොඳයි (ර)
ක්‍රියා කරලා පෙන්වන්න.(හේ)
කරුණාරකරලා එම් එස් ඩී සහ වි අයි පී වාහන වලට විශේෂ හැදුනුම් අංකයක් හදුන්වා දෙන්න. දැන් පාරේ නිකන් වාහන වලත් හදිසි ලයිට් සහ නාලා හයි කරගෙන හදිසියෙන් යනවා. මේ අයට රුපියල් 25000 මදි තව වැඩි කළොත් හොඳයි.(හේ)
වැදගත් කාර්යයක් (ර)
නිවැරදි තීරණයක්. (ර)
බුදුදහම අනුව කවුරු කීවත් තමාම නිවැරදි වන්න ඒවගේ කොටසක් නිවැරදි වන විට ගමක් නිවැරදි වේවි ගමක්ම නිවැරදි වනවිට පළාතම නිවෙරදි වේවි පළාත් නිවැරදි වනවිටටම රටම නිවැරදි වේවි (ර)
කකුළුවා යන්නේ හරහට , එවුනට ඌ , උගේ පැටවුන්ට කියනවා " යන විදිහ වැරදි ,කෙලින් යන්න"කියල . (ර)
ඉතා හොඳ තීරණයක් (ර)
වෙන කවුද ඔහොම යන්නේ මහගෙදර ඇත්තන්න්ගේ පිරිස මිසක. (හේ)
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.. (ර)
යන්නේ චොප්පෙද - මරු සිරාද - වෙලේ සුදාද කියලා දන්නෙත් නෑලු අපිනම් දන්නවා . මොකද ජීවත් වෙන අයගේ නම් කියන්න බයද ? (බ)
ලංකාව හිමින් නැගිටිනවාලු සුමුදු ඩුබායි හීනයක් දැකල වගෙයි (බ)
පාර්ලිමේන්තුවේදී නිදාගත්තොත් මොන රුපියල් 25000.00 ක දඩයක්ද කනෙන් අල්ලලා එලියට දානවා මිසක් (බ)
"පරිස්සමෙන් රට කාපන්" කියලා තමයි මට අපේ දේශපාලකයන්ට කියන්න තියෙන්නේ......... (නි)
අපේ ලොකු ලොක්කෝ අගමැතිතුමාට එහෙම හැමදාම කියන එක නේද ඔය? මොකද අගමැතිතුමා යන්නේ රටමනේ කොයිවෙලෙත් (නි)
වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් තියෙන නාලිකාවක් යොදාගත්තා නම් ප්‍රචාරය තවත් පුළුල්. (නි)
කොහෙද පහුගිය කාලේ ආකර්ෂණය නැති කරලම දැම්මනේ හිටපු කට්ටිය (නි)
ඔන්න අද ඉඳලා වැඩේ හරියයි. (නි)
යම් කෙනෙක්ගේ වාහන 18ක් ඔය විදිහට එක දිගට ගියා මම ඇස් දෙකෙන් දැක්කා. අනේ මගේ කට! (නි)
ජනාධිපතිතුමා දැන් වැඩට බැහැලා වගෙයි. කොච්චර වේගෙන් ගියත් ඒ අය කරපු දෙයක් නැහැ ජනාධිපතිතුමනි. හුඟදෙනෙක් දුවන්නේ බඩේ අමාරුවක් හැදිලා වගෙයි. පහුගිය කාලේ අර ළමයෙක් හප්පපු එක ගැනත් සොයලා බැලුවොත් නම් අගෙයි. (නි)
අනේ මන්දා! මුලින්ම හොයලා බලන්න ඔබතුමාගේ වාහන ටික යන්නේ කොහොමද කියලාත් (නි)
රට යනකොට වාහනයේ යන්නේ නැහැනේ. මොනවද මේ සමහරු කියන කතා? (නි)
රටේ මහ අයට එක නීතියකුත් පොඩි මිනිහට තව නීතියකුත් තියාගෙන යහපාලනේ ඇතිකරන්න බැහැ ආයුබෝවන්ඩ. (නි)
රාත්‍රී 8න් පසුව පැය දෙකක් නුවර පාරේ අඹේපුස්ස අවට හිටියොත් ඇතුළේ රතු නිල් ලයිට් සවිකරපු සුදු පාට ලෑන්ඩ් කෘෂර් අධික වේගයෙන් මේ ආකාරයට ගණන් කරනවා දැකගත හැක (නි)
මේවා නම් මගේ ඇසට කණට වැකෙන්නේ ඉතාමත් උපහාසයෙන්. මොකද අපේ රට පාලනය කරන්නේ ජනතාව පීඩාවට පත්කරලා හිනස්වන වෙහෙසෙන කණ්ඩායමක්ද කියලා, මට පුදුම ලැජ්ජාවක් හිතෙනවා (නි)
හොඳ දෙයක් කිරීමට යනවිටත් බනින මිනිස්සු ටිකක් ඉන්න රටක් මේක. ඔය කියන විදියේ පෙළපාලි මම අතිශයින් සුලභව දැක්කේ පසුගිය කාලේ. මේවා සහමුලින් නවතා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට ඔබට හැකි වේවා. (නි)
පාර්ලිමේන්තුවේදී නිදාගත්තොත් රුපියල් 25000.00 ක දඩයක් ගහමු. (නි)
කයිවාරු ඇති. දැන් වැඩ පෙන්වන්න (නි)
මෙහෙම විහිලු? රටකට ගිය කලක්! (නි)
කවුරුත් යන්නේ එහෙමම තමා. පොලිසියේ කට්ටිය එළියට අත දාගෙන යනකොට අනිත් අය නිකම්ම පස්සට යනවා. මොන ලෝකේ යනවද කියලා හිතෙනවා. (නි)
මේ යහපාලනේ අපු දවසේ ඉඳන් දීපු වාර්තා ගිනස් වාර්තා වලට වැඩ වැඩි (බ)
ලංකාවේ සමහරක් උදවියට හැමදේම දේශපාලනය. හොද වැඩක්.ලංකාව හිමින් නැගිටිනවා.නිල් කොළ ඔලුවේ තියනකම් හොද පෙන්නේ නැ (බ)
වැඩ සටහන් තුලින් මාර්ග අනතුරු වළක්වන්න බැහැ මාර්ග ඉංජිනේරුවන් යොදවා මාර්ග ආරක්ෂක පියවර මෙන්ම පොලිසිය යොදවා මාර්ග නීති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා (බ)
ඇමතිවරු ඔක්කොම යන්නේ ඔහොම තමයි (නි)