IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


‘ලිබරල් සහෝදරත්වයෙන්’ අරගලකරුන්ට පණිවුඩයක්

(යොහාන් භාසුර)

අරගලකරුවන් ආරම්භයේ සිට සාමකාමීව කටයුතු කිරීම නිසා අරගලයේ මූලික ඉල්ලීම වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධූරයෙන් ඉවත්වීමට ආසන්න තිබෙන ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයෙන් තීරණාත්මක ජයග්‍රහණය ළගාකරගැනීමට හැකි වූ බවත් ප්‍රචණ්ඩත්වයෙන් යුත් අරගලයකින් ජනතාව සහ සමස්ත ශ්‍රී ලංකාවටම හානියක් වනවා මිස ජයග්‍රහණයක් හිමිකරගත නොහැකි බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම අතිශයින් තීරණාත්මක අවස්ථාවේදී පුද්ගලික දේශපාලන අරමුණු පසෙලා රට දේශපාලන, ආර්ථික සහ සමාජිය වශයෙන් ස්ථාවර කිරීමට සමස්ත දේශපාලන ප්‍රජාව කටයුතු කළ යුතු බවත් ඔවුන් හැකි ඉක්මණින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය පවසයි.

අරගලයේ පදනම නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරමින් ව්‍යවස්ථාපිත ප්‍රජාතාන්ත්‍රික රාමුව තුළ ජනතා අභිලාෂයන් දිනාගැනීම බව කියන ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය යම් පුද්ගලයෙක් නීතියට පිටින් කටයුතු කිරීමෙන් හෝ සෙසු පුද්ගලයන් ඒ සඳහා දිරිගැන්වීමෙන් සැබෑ අරගලකරුවන් නොවන බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය අවධාරණය කරයි.

‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානයේ සභාපති හෙමාල් දහනායක, සම කැඳවුම්කරුවන් වන සහන් වීරතුංග සහ රාජිත අබේගුණසේකර, උප සභාපති සෙනුර ජයසිංහ, ජාතික සංවිධායක උසාමා ලියුදීන් සහ නියෝජ්‍ය ලේකම් මිහිත බස්නායක මෙම නිවේදනයට අස්සන් තබා තිබේ.  



අදහස් (3)

‘ලිබරල් සහෝදරත්වයෙන්’ අරගලකරුන්ට පණිවුඩයක්

Bamunuarachchi Wednesday, 13 July 2022 10:28 PM

ඒ කොහෙන්ද ලිබරල් සහෝදරත්වය පාත් උනේ? අපි අපිම තමයි. නැතුව ජෙප්පෝ කියලා එලිබහින්නය.

:       0       0

Keppetipola Thursday, 14 July 2022 05:32 AM

කවුද මේ? කොහෙන් පාත් වෙච්චි අයද?

:       0       0

D dharmasiri Friday, 15 July 2022 11:19 AM

අරගලයට අපිද එකගතාවය පලකරමු එහෙත් දැන් පවතින්නේ අරගලයක් නොව 88/89 කාලය මෙන් රාජ්‍ය දේපළ (අපේ) දේපොළ මංකොල්ල කැමක යෙදෙන බවයි එබැවින් කරැනාචවන් ඉල්ලාසිටින්නේ අරගලකරන්න ඒ අයිතිය සුරකින්න අපේදේවල් ආරක්ෂා කරන්න ! !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site