
(යොහාන් භාසුර)
ගාලුමුවදොර අරගලය ආරම්භ වීමටත් පෙර සිටම අරගලය වෙනුවෙන් අඩිතාලය දැමූ ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය අරගල භූමියෙන් ඉවත් වන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධූරය හැරයාමත් සමඟ ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව ගෙනගිය අරගලයේ අරමුණ ඉටුවූ බවත් සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් සකස් කළ ‘ගාලුමුවදොරින් ඔබ්බට’ මාලාව ක්‍රියාත්මක කළ හැක්කේ පුළුල් දේශපාලන, ආර්ථික සහ සමාජීය කථිකාවතකින් ඇති වන එකඟතාවකින් මිස තව දුරටත් අරගල කිරීමෙන් නොවන බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය කියයි.
වර්තමානයේ ගාලුමුවදොර අරගලය කණ්ඩායම් සහ පුද්ගලයන් කීපදෙනෙක් ඔවුන්ගේ දේශපාලන මතවාදය ප්‍රචලිත කිරීමට යොදාලැනීමෙන් අරගලයේ පොදු අරමුණ බොඳවී ඇති බව කී ලිබරල් සහෝදරත්වය’ සංවිධානය එම කරුණ හේතුවෙන් එම සංවිධානය අරගලයෙන් ඉවත්වීමට තීරණය කළ බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලය අල කරන්න නොයෙක් දේවල් ආණ්ඩුව කරගෙන යනවා. මේවාට රැවටෙන්න එපා.
ගිය වසරේ අපේ රටට ආපු විදෙස් තානාපතිනියක් ජනපති කාර්යාලයේ ඉඳලා ගත්තු ඡායාරූපයක් ඇයගේ කාර්යාලයේ තියාගෙන තියෙනවා. එය ඇඳ ඇතිරිල්ලකට යොදා යවපු පින්තූරය දැකලා කෝපවුණු ඇය කිව්වාලු වහාම මගේ කාර්යාලයෙන් මෙය ඉවත් කරන්න කියලා..!
මොකක්ද ඔය අරගලය කියන්නේ? පාරේ නිදියන එකද? පෙළපාලි යන එකද? රැවුල් වවාගෙන ඉන්න එකද? නායකයෙක් නැති, ස්ථිර අරමුණක් නැති, අරගල හොඳයි ඒ අයටම...
හා හා රනිල්ට බය වුණා නේද?
කොටි සංවිධානයත් එදා මේ කියන නම "‘ලිබරල් සහෝදරත්වය" කියලා දාගෙන ආවා නම් හැමෝම අදටත් ඉහළින්ම පිළි අරගෙන... !
මේවා මුදලට නිකුත් කරන නිවේදන... බහුතර ජනතාව තවමත් අරගලයට සහයෝගය සහ හදවතින්ම සුබ පතනවා.
කොහේහරි දෙයක් අල්ලගෙන මොනවාහරි නමක් ගහලා සංවිධානයක් අටවාගෙන අරගලය නැවත්තුවා කියලා සල්ලිවලට ප්‍රචාර යවන මෙහෙයුම...
ලිබරල්ලාට නෙමෙයි අරගලේ මුල ඉඳලා ආව අපිටත් තිත්තයි. අපි ආවේ අපේ දරුපැටවුන්ගේ බඩගින්න හින්දා... ජෙවීපී පෙරටු සෙට්වලට ඕනෑ ඔවුන්ට බලේ ගන්න මිසක් රට හදන්න නොමේ. එතැනත් දෙගොල්ලන් මරාගමින්. මොවුන් ආණ්ඩුව ගත්තොත් ඉස්සෙල්ලාම නවත්තන්නේ මහජන හඬ සෝෂල් මීඩියා.
මේක දැන් ගොබ්බ අරගලයක්.මේකට සහය,දෙන්නෙ ගෝටටත් අන්ත ගොබ්බයින්.ගෙවල් වලට ගිහින් තමන්ගෙ දරුවන්ට පවිලේ අයට ප්‍රයොජනයක් ඇති රස්සාවක් කරල උඹලාගේ පවුල් ගොඩදාපල්ලා.නිකං කන්න බලං ඉන්න නිකමුන් නොවී.
බටලන්ද වැඩ පටන් අරගත්තබව දැනගන්න ලබිලාවගේ.
ඉහත කමෙන්ට්වලින් පේන්නේ අරගල ඉවරයි කියලා වගේ...
හා හා... ! අරගල කරන්න එපා. දැන් රටේ තත්වය ඔය ශෝක් එකට සංවර්ධනය වෙන්නේ...! ඔහොම යන්න ඉඩ දෙන්න..!