කැකිරාවේ ලබුනෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු හා දරුවන්ට විදින්නට සිදුව ඇති දුෂ්කරතා ගැන පසුගිය ජුනි 07 දා එසැණ පුවත් මගින් පෙන්වාදෙනු ලැබීය. දෙහිවල මහ නගර සභාවේ කොමසාරිස්වරයාගේ පුද්ගලික ලේකම් පද්මසිරි අමරතුංග මහතා හා ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවෝ ඒ පුවත දැක ලබුනෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් 139 දෙනකුට සපත්තු හා මේස් රැගෙන එහි පැමිණියහ.
විදුහල්පති පි.ජේ.පී.කුමාර මහතා පවසන්නේ තම පාසලේ දරුවන්ට මේ පරිත්‍යාගය මහත් දිරියක් බවයි. ඉගෙනුමට සුපිරි පාසල් නොඉල්ලන දරුවන්ට පයට පාවහන් ලැබීම මහත් සතුටක් බව ද ඒ මහතා කීයේය.
‘‘ලංකාදීප එසැණ“ වෙබ් අඩවියේ මේ පුවත දුටු තමන් ඇතුළු පවුලේ අය හැකි පමණින් දරුවන් පිහිටවූ බවත් එය මහත් සතුටක් බවත් පරිත්‍යාගය කළ අමරතුංග මහතා කිවේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේශපාලකයන් අතන මෙතන බෙරිහන් දිදී ඇති හැටි එකාලටම කඹුරන එකේ මේ වගේ දෙයක්වත් කරන්න බැලුවමනම් ඒ මිනිස්සුන්ගේ චන්ද ටිකවත් ලැබේවි නුදුරු අනාගතයේදී. (ස)