සහල් මිල අඩුකිරීමට රජය උපරිම ලෙස මැදිහත්ව සිටින බවත් ලබන සතියේ සිට රුපියල් 76 ට අඩුවෙන් සහල් ලබාගැනීමට ඉඩ සලසන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (3) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘‘වී කිලෝව රුපියල් 90 ට විකිණීමට වී මෝල් හිමියන් සූදානමින් සිටියත් තව අවුරුදු ගණනාවක් වී තොග තබාගෙන සිටියත් ඒ ගාණට විකුණන්න දෙන්නේ නෑ“. වී තොග සඟවාගෙන සිටින සහල් මෝල් හිමියන්ට හොඳට දැනෙන්න වගේම හොඳට රිදෙන්න අමතක නොවන පාඩමක් උගන්වන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඕක ලබන සතියට කල්දාන්නේ? අද ඉඳලම කළා නම් ඉවරනේ. මේකට කළයුතු හොඳම දේ, වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදීගෙන සහල් කිරීම සඳහා මහා පරිමාණව පිහිටවිය යුතුයි. එවිට ඔය ඒකාධිකාරය නැතිවේවි. එහෙම නැත්නම් මහජනයාට සේවය නිසිපරිදි නොසපයන වී මෝල් රජයට පවරාගත යුතුයි. (නි)
එතුමා සහල් කඩයක් දාලා වෙන්න ඇති. වෙන අයට නම් එ්ක කරන්න බැහැ. (නි)
ඇයි, රූපවාහිනියේ ප්‍රකාශ කළා නේද 76 න් තව රුපියල් 10 අඩුකරන්න එකඟවුණා කියලා? ඒ කතාව දැන් යට ගිහින් වගේ. (නි)
අඩු කරන්නේ පිටරටින් ප්ලාස්ටික් හාල් ජනතාවට ගෙනත් දීලද? බලන්න අන්තර්ජාලයේ පෙන්වන ප්ලාස්ටික් හාල්... දැන් රටේ පිළිකා ප්‍රතිශතය වැඩියි නොදන්නා මිනිසුන් මේවා කාලා.. (නි)
බත් කෑම නීතියෙන් තහනම් කළොත් නරකද? එතකොට මේ මේ ප්‍රශ්න මොකුත් නැහැ. වැලිත් දැන් බොහොම ගණන්. රටේ ජනතාවට හිතේ හැටියට කන්න ඕනෑතරම් පස් තියනවනේ. (නි)
පිටරටින් සහල් ගෙන්වීමට මෝල් හිමියන්ගෙන් සපෝර්ට් එකක් ලැබුණාවද්ද? (නි)
ජයවේවා!! සහල් පිටරටින් ගෙන්වන පැරකුම් යුගයක් නැවතත් ඇවිල්ලා (නි)
සැළසුම් අැමතිලා ඕවා කලින් දන්නවනෙ. මුලින් තොග පාලන මිලක් දාන්න මෙයාල බයයි. (නි)