නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් හා පුරා කියා රටම ආවරණය වන අන්දමින් ලබන සතියේදී ආරම්භ කිරීමට සැළැසුම් කර තිබෙන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමණාකරු ගවස්කාර් සුබ්‍රමනීයම් මහතා පැවසීය.
මෙහි සමාරම්භක නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විමට නියමිත බවත් සුබ්‍රමනීයම් මහතා සඳහන් කළේය.
එම උත්සවයට සමගාමීව පොළොන්නරුව,යාපනය,මාතරත් ‘වයි ෆයි‘ කලාප ඇරැඹෙයි.එවැනි කලාප විස්සක් පමණ ලබන සතියේදී ඇරැඹිමට ඉලක්ක කැරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘වයි ෆයි‘ කලාප පිහිටුවීම සිදුවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සීයේ වැඩසටහන යටතේ දුන් පොරොන්දුවක් ඉටු කිරීමේ ප්‍රතිපලයක් ලෙසිනි.
මෙම වසර අවසන් වීමට පෙර රටපුරා ‘වයි ෆයි‘ කලාප දහසක් ඇරැඹිමට සැලැසුම් කැරගෙන යයි.
විදේශ ඇමැති මංගල සමරවීර නියෝජ්‍ය ඇමැති අජිත් පි පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත ‘වයි ෆයි‘ කලාප ස්ථාපිත කිරීම සිදු වෙයි.
‘වයි ෆයි‘කලාප බිහි කිරීමේ කටයුත්ත සිදු වන්නේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් ,කළමනාකාර අධ්‍යක්ෂ මුහුන්තන් කනගේ යන මහත්වරුගේ අධික්ෂණය යටතේ සිදු වෙයි.
මෙම සත්කාරය සඳහා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි දිලීප විජේසුන්දර ,මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් රූපසිංහ ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසුරිය ලංකා බෙල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් සමරවික්‍රම ලංකා කොම් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අචාර්ය රෝහිත උදලාගම යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ එම ආයතන නිලධාරීන් සහ විදුලිය සංදේශ නියාමන කොමිසම විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන බව ගවස්කාර් සුබ්‍රමනීයම් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් දෙනවා නම් අපේ අයියලට හෙම්බිරිසව උනත් කමක් නැහැ පැන පැන ගනියි. හරියට වැඩ කරන්නේ නැති වෙන කොට දුන්න කෙනාගේ මෑණියන් ඉතා ගෞරවයෙන් සිහි කරයි. (ස)
ඉස්සල්ල කරන්න ඕනේ හැම පාසලකටම ඉනේර්නෙට් සහ කම්පියුටර් දීල ළමයින්ගේ දැනුම වර්ධනය කරණ එක සහ හැමගෙදරකට ම ඉන්ටර්නෙට් දෙන එක. (ස)
ඔය වගේ බොරු වැඩ නොකර සැමටම සදරනවා ගණන අඩුකලනම් නරකද. (ස)
දැන් දෙමව්පියන්ට ළමයි ඉන්න තැනක් ලේසියෙන් හොයා ගන්ඩ පුලුවන්. (ස)
100 MB මොනවට ද බන්.......... (ස)
මිට වඩා හොදයි වයිෆයි නවත්තල.අසාදාරණ ලෙස අය කරන අන්තර්ජාල ගාස්තු අඩුකරලා හැමෝටම බෙදිලා යන විදියට වැඩපිළිවෙලක් හැදුවනම් හොදයි.කාටවත් අසාදාරනයක් වෙන්නෙත් නෑ. (ස)
දෙනවනම් මාසෙට gigabite 5 වත් ඕනේ (ම)
100MB නේ දෙන්නෙ. වයිෆයි තියෙන ෆෝන් එකකින් ඔය ඩේට ටික ඉවර වෙන්න යන්නෙ පැයයි. ලැප් එකකින් පැය බාගයයි. (ම)
ඉන්ටෙර්නෙට් මාසිකව සල්ලි දීලා ගන්න අයට සදාරණයක් කරන්න කියන්න කැමති. (දිල්)
නවීන ලෝකයට පියනගන්න එක්සත් ජාතික පක්ෂය මේ රටේ පාලනයට සිටිය යුතුයි (දිල්)
වය්ෆයි ටිකක් කාල කොත්ත මල්ලි ටිකක් බොමු. (ම)
ගාල්ල ලංකාවේ නොවේද ? (දිල්)
රට විනාශ නොකර ඕනෑ දෙයක් (දිල්)
කෝ හොරණ ට වයි ෆයි (නදී)
කෝ එතකොට ඌවට (ස)
එතකොට ගාල්ල තියෙන්නේ ලංකාවේ නෙවෙයිද ? (නදී)
ඒකත් උගස් රත්තරන් බඩු පොලිය වගේද දන්නේ නැහැ (නදී)
ඔන්න කොල්ලනේ, කෙල්ලනේ, ඉස්සර මහින්දයි එතුමාගේ පුතාලයි විතරක් බුක්ති වින්ද දේවල් දැන් අපි උඹල හැමෝටම. කොහොමද යහ පාලනේ (නදී)
මෛත්‍රීපාල ගේ ජහපාලනය කියන්නේ මේකට නේ වයිපයි විතරයි අඩු තව ඊට වඩා හොඳයි කන්න නැති මනුෂ්‍යයින්ට එක දවසක් කෑම වේලක් දෙනවා බල්ලොත් නොකන වයිෆයි රට කන බල්ලෝ (ස)
නහින්නයි වෙන්නේ දෙමව්පියන්ට. දැන් කොල්ලෝ, කෙල්ලෝ හොයාන්න ස්ටේෂන් ගානේ හොයන්න එන්න වෙයි (නදී)
අපේ කට්ටියට හැමදේකම පෙන්නේ ගොඩක් වෙලාවට වැරදි විදියටමනේ. රටක් දියුණු වෙන්න රටේ මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වෙන්න ඕන. ධනාත්මකව හිතමු. මේක නියම වැඩක්. ජය වේවා (ම)
ලංකාවට අඩුවෙලා තිබුනේ ඕක ඔච්චරයි. (ස)
සීමාරහිත කළොත් අපිත් එකඟයි.(ම)
යහපාලනේට දෙවිපිහිටයි .අන්තෝ ජටා බහි ජටා (නදී)
මේවායින් දුප්පත් මිනිසුන්ට ඇති සුගතියක් නැහැ. වයි ෆයි ෆෝන් එකක් තියෙන්නත් සල්ලි තියෙන කෙනෙක් ගාව. ළමයි තැන තැන රස්තියාදු ගහන එක වැඩි වෙයි. (නදී)
මාසෙටම මෙගා බයිට් 100. (ස)
හොදයි
ලක්මාල් දැන් ලංකාවට අඩුවෙලා තියෙන්නේ ගසා කෑමයි හොරකමයි. ඉස්සරනම් ඒවා තිබ්බනේ ඉතින්. (ස)
රත්නපුර තියන්නේ ලංකාවේ නෙවෙයිද?? (ත)
හොඳ දේ හොඳයි කියන්නත්, නරක දේ නරකයි කියන්නත් අපි පුරුදු වෙමු. මේක ගොඩන් හොඳ වැඩක් අපේ රටට. මෙය අපේ රටට අලුත් දෙයක් උනාට ලෝකයෝ බොහෝ තැන්වල මේ පහසුකම තියෙනවා (නදී)
යාපනේට කළින් ගාල්ලට දෙන්න ඕන නේද? (දිල්)
මූණු සයකි අත් දොළොසකි මයුරා පිට වාහනේ රුහුණු රටේ කදිරපුරේ කදිර දේව රාජනේ බොරු වපුරා අප රවටා ඡන්දෙ දින්න කාරනේ වානු බැරිය සුන්කල මැන මේ ගව යම පාලනේ. (ස)
වයිෆයිවලට වඩා කරන්න දේවල් තියෙනවා. (ත)
අගේ ඇති වැඩක්. (ත)
හොඳ දෙයක්...උසස් අධ්‍යාපනයට ණයදීම ගැන වුන පොරොන්දුව අමතකද... (බ)
මේකටත් ඉතින් මොනා හරි වරදක් කියන අය අනිවාර්යෙන් දැකිය හැකි.කෙසේ වෙතත් හොද වැඩක්. (බ)
මතුගම දියුණු වෙන්නැද්ද ? (බ)
එල වැඩක්. (ස)
මේ රටට මොන දේ කලත් මිනිසුන් බලන්න වැරදි පැත්ත? (ස)
මෙගාබයිට් 100 මොන කරන්නද.? (ස)
මාසෙට මෙගා බයිට් 100 මොනවා කරන්නද? (ත)
හොද වැඩක් මේ වගේ දේවල් අපිට අලුත් දෙයක් වුණාට අනිත් රටවල් වලට නම් මේ මෙගා බයිට් 100ක් කියන්නේ විහිළුවක්. නමුත් මේ පටන් ගැන්මට මගේ සුබපැතුම්.... (ත).
හොද වැඩක් (දිල්)
වෙන නැත්නම් හොදයි (ත)
මේ වයිෆයි දෙන්නේ කෙයි ස්ථාන වලටද?(හේ)
දියුණු සමාජයට මේ වගේ දේවල් ගැලපෙනවා.(හේ)
හොද වැඩක් තමයි.(හේ)
මෙකෙන් මොන මොන දේවල් වෙයිද දන්නේ නෑ අන්තිමට.(හේ)
වයි ෆයි විතරක් දුන්නම හරියයිද (දිල්)
මොනවා කරත් නගරෙට විතරයිනේ, ගම්වලට 3g වත් නෑ.(හේ)
හික්කඩුවට වයිෆයි නැද්ද? (ත)
හික්කඩුව සංචාරක පුරවරයක් නිසා හික්කඩුවටත් වයිෆයි ලැබෙනවාද? (ත)
ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. ඔය සියල්ල නගරයට විතරයි. කොළඹට ගියාම හැමතැනම 3G /4 G ටෙලිකොම් බ්‍රෝඩ් බෑන්ඩ්. නගරයෙන් ටිකක් ඈතට ගියාම ෆෝන් සිග්නලුත් නැහැ. මගේ අවශ්‍යතාවකට මම අනුරාධපුරයේ (පූජානගරය ආසන්නයේ) 4 ජි සම්බන්ධතාවක් ගන්න හෙවුවා. කිසිම දුරකථන සමාගමක් සමත් නැහැ එම සම්බන්ධතාව දෙන්න. ඕක තමයි යථාර්ථය. (ස)
අපේ රට ගොඩක් දියුණු වෙනවා. අපිට මේ කිලෝබයිට් 100 ලොකු දෙයක් . අපි දැන් අනිත් රටවල් වගේ දියුනු වෙන්ඩ ඕනේ නේ? කොහොම උනත් පොරොන්දු උන දේවල් කරනවනේ? එ්ක ඇති. (ස)
ගම්පහට වයිෆයි අකැපද? (ත)
මොන දේ කළත් මහජනයා දකින්නේ වැරදි පැත්ත විතරයි.(හේ)
අනෙක් ප්‍රදේශ වලටත් ලැබෙනකන් ඉවසන්න .මේ ආරම්භය පමණයි .ඉදිරියටට මෙය ව්‍යාප්ත කරන බව පවසා තියනවනේ .හැම දේම වැරදි දකින්න පුරුදු වෙන්න එපා .ධනාත්මක ලෙස දකින්න .අපේ ගොඩක් දෙනා කැමති අඩු පාඩු බලා සිනාසෙන්නයි. (හේ)
මේ දේ සිද්ධ වෙයි සතියකට දෙකකට.(හේ)
මෙතන දාලා තියන කොමෙන්ටු වලින් දකින වැරදි පැති වලට අමතරව වෙනත් වැරැද්දක් මට හොයා ගන්න බැරිඋනා කොමේන්ටුවක් දාන්න (ත)
අපි හම්බන්තොට නිසාද අපිට දෙන්නේ නැත්තේ (ස)
හොඳයි !.දුරකතන ජාලයන් විසින් අසාධාරණ ලෙස අය කරන අන්තර්ජාල ගාස්තු අඩුකලානම් මීටත් වඩා හොඳයි . (ස)