IMG-LOGO

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා


ලබන වසරේ අධ්‍යාපනයට බිලියන 465ක් වෙන් කරයි

(අංජුල මහික වීරරත්න)

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා විශ්විද්‍යාල ජාත්‍යන්තරීකරණය කිරීමේ ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති විදේශයන්හි සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉගැන්වීමට හා පර්යේෂණ කිරීමට ආරාධනා කර තිබෙන බව පැවසීය.

 



අදහස් (2)

ලබන වසරේ අධ්‍යාපනයට බිලියන 465ක් වෙන් කරයි

චන්දන Friday, 03 November 2023 07:28 PM

දැනට යන විදියට අධ්‍යාපනයට එච්චර සල්ලි ඕනෑ වෙන එකක් නැහැ. විශාල පිරිසක් රාජ්‍ය පාසල් පද්ධතිය හැරයනවා. ගුරු සිසුන් දෙපිරිසම... පාසල් පරිපාලන කඩා වැටිලා. අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ට සජීවී පාසල් ගැන කිසිඳු ප්‍රායෝගික බවක් නැහැ. තීන්දු, තීරණ ගන්නේ පාසල් පද්ධතියට බැහැරව ඉන්න සුලු පිරිසක්...!

:       1       5

රංබොඩ Friday, 03 November 2023 07:45 PM

මොනවා ඉගැන්නුවක් රටට වැඩක් වෙන්න නම් ආකල්ප හදන්නම ඕනෑ.. නැත්නම් සල්ලි මත්තේම නැහෙන රටක්, ජාතියක්, ධර්මයක් නොහඳුනන උපාධි ධාරීන් රෑනක් බිහිවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 23 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 597 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 297 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site