ලැබුණු හොඳම නත්තල් තෑග්ග මොකක්ද?
අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න නත්තල් සමරන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ගෙන් අපි ඇහුවා මෙතෙක් ලැබුණු හොඳම නත්තල් තෑග්ග ගැන. ඒ අය ඒ ගැන හදසරට කිව්වේ මෙහෙම.
1. පුතාලා අතින් හදපු Card එකේ Merry Christmas dada කියලා ලියලා තිබුණා..
ජීවන් මෙන්ඩිස් - තුන් ඉරියව් ක්‍රීඩක
පුංචි කාලේ නම් ගොඩක් වෙලාවට අපි කැමතිම දේවල් තමා නත්තල් කාලෙට ලැබෙන්නේ. නමුත් මම ගොඩක් සතුටු වුණ නත්තල් තෑග්ගක් ලැබුණේ ගිය අවුරැද්දේ. එතකොට මට පුතාලා දෙන්නයි හිටියේ. ඒ දෙන්නා එකතුවෙලා එයාලම අතින් හදලා මට දුන්න නත්තල් සුබ පැතුම් පත තමා මම මෙතෙක් ලැබූ හොඳම තෑග්ග. ඒක හරි අපූරැවට නිර්මාණය කරලා තිබ්බා. එකේ සටහන් කරලා තිබ්බේ Merry Christmas dada කියලා.
2. තාත්තා රට ඉඳන් එවපු තෑගි මල්ල
ධම්මික ප්‍රසාද් - වේගපන්දු යවන
මම කුඩා කාලේ තාත්තා හිටියේ විදෙස් ගතව. ඉතින් මට තාත්තා එව්වා එක අවුරැද්දක ක්‍රිකට්වලට අවශ්‍ය සියලුම දේ. එකේ තිබ්බ ඒ දවස්වල ජාතික කණ්ඩායමේ අය පාවිච්චි කරන සපත්තු පවා. එදා දැනුණ සතුට නම් කියන්න වචන නැහැ. ඒ වගේම තමා මගේ අම්මගේ උපන් දිනෙත් යෙදෙන්නේ නත්තල් දවසේ නිසා සතුට දෙගුණ වෙනවා.
3. ලැබුණු හැම තෑග්ගකටම ආසයි
ඇන්ජලෝ මැතිව්ස් - ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක
නත්තල් එනකම් අපි පොඩි කාලේ නම් ගොඩක් අාසාවෙන් බලන් ඉන්නේ. ඒ කාලේ නම් විවිධ තෑගි ලැබුණා ගෙදරින්. මෑත කාලේ අවුරැදු 7, 8 ගත්තොත් ආදරණීය බිරිඳයගෙන් තමා තෑගි ලැබෙන්නේ. ඒවා ඉතින් ඒ ඒ කාලෙට ගොඩක් වෙලාවට අවශ්‍ය දේවල්. ඒ නිසා එතෙක් මෙතෙක් ලැබුණු හැම තෑග්ගකටම කැමතියි.
4. එක වසරෙදි හම්බ වෙච්ච බැට් එක
කුසල් මෙන්ඩිස් - යොවුන් ක්‍රීඩක
පොඩි කාලේ නම් එක එක දේවල් තෑගි විදියට ලැබුණා. මට මතකයි මට මුලින්ම බැට් එකක් ලැබුණෙත් නත්තල් තෑග්ගක් විදියට තමා. එතකොට මම එක වසරේ විතර.
5. ලියුමක් දුන්නම ප්ලේන් එකක් ලැබුණා..
ජෙෆ්රි වැන්ඩසේ - දඟපන්දු යවන ක්‍රීඩක
හ්ම් මට මතකයි මම පොඩි කාලේ දවසක් තාත්තා එක්ක ගමනක් යද්දී තාත්තා ඇහුවා නත්තල් සීයාගෙන් ඉල්ලන්නේ මොනවද කියලා. මම එතකොට කඩයක දැක්ක ප්ලේන් එකක් පෙන්නුවා මෙන්න මේක කියලා. ඊට පස්සේ මට කිව්වා ලියුමක් ලියලා දෙන්න කියලා මම ලියලා දුන්නා ඊට පස්සේ මට ඒ ප්ලේන් එක ලැබුණා.
6. ටෙනිස් බෝලෙයි බැට් එකයි
නුවන් ප්‍රදීප් - වේග පන්දු යවන ක්‍රීඩක
ගොඩක් අවුරැදුවල නත්තලට මට ලැබුණේ ඇඳුම්. ඒත් මම 8 වසරේදී මට ලැබුණා ටෙනිස් බෝලයකුයි බැට් එකකුයි. ඉතින් ඒක තමා මට පොඩි කාලේ ලැබුණු හොඳම සහ මම කැමතිම තෑග්ග.
7. ලොකු අම්මා දුන්න ඔරලෝසුව
ලක්ෂාන් සඳකැන් - දඟ පන්දු යවන ක්‍රීඩක
අපේ ගෙදර අම්මා බුද්ධාගමේ තාත්තා තමා කතෝලික. මට පුංචි කාලේ ලැබුණු නත්තල් තෑගි අතර කැමැතිම තෑග්ග තමා ලොකු අම්මා මට අරන් දුන්න ඔරලෝසුව. මට මතකයි මම පහුවදාම ඒක ඉස්කෝලේ දාගෙන ගියා.
8. බලමු මේ සැරේ විශේෂ තෑග්ගක් ලැබෙයිද කියලා
තිසර පෙරේරා - තුන් ඉරියව් ක්‍රීඩක
එහෙම විශේෂයෙන් කියන්න තෑග්ගක් නැහැ. පොඩි කාලේ ඉතින් පල්ලි ගිහින් එද්දී ගෙදර තෑගි තියලා තියෙනවා. ඉතින් ඒ ලැබුණු ගොඩක් තෑගිවලට කැමැතියි. බලමු ඉතින් මේ සැරේ විශේෂ තෑග්ගක් ලැබෙයිද කියලා.
අනූ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd