(සුජිත් හේවාජුලිගේ)
සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ඊ.ටී.එෆ්) 2022 වසරේදී රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ලැප්ටොප් පරිගණක 205 ක් නියමිත ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය නොකර මිලදී ගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ජාතික තරගකාරී මිල ක්‍රමය අනුගමනය කර වඩාත් තරගකාරී මිල ගණන් ලබාගත යුතු වුවද මෙම පරිගණක මිලදී ගැනීමේදී අවස්ථා හතරකදී මිල සැදැහුම් ක්‍රමය අනුගමනය කර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
නිල සැදැහුම් ක්‍රමය අනුගමනය කළ යුතු වන්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3-4 ප්‍රකාරව වටිනාකමින් අඩු මිලදී ගැනීම් සඳහා පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි පාලනාධිකාරිය පවසන්නේ ලැප්ටොප් පරිගණක 205 සඳහා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවයටතේ ජාතික තරගකාරීන් මිල ගණන් කැදවීම කළේ නම් එම ක්‍රියාවලියට දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් මණ්ඩලයට මූල්‍යමය අවාසියක් මෙන්ම නිසි කලට භාණ්ඩ නොලැබීම හේතුවෙන් මෙහෙයුම් කටයුතුවලට සැලකිය යුතු බාධාවක් සිදුවීමට ඉඩ තිබූ බවයි.
මේ අතර නිලධාරීන්ට ලබාදිය හැකි උපරිම ණය ප්‍රමාණය රුපියල් කෝටි දෙකක් වුවද චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වශයෙන් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව හෙළිවී ඇත.
2022 වර්ෂයේ ණය ලිපිගොනු හැට හතකට අදාළව කරන ලද නියැදි පරීක්ෂණයේදී මෙම තොරතුරු හෙළිවී යැයිද වාර්තාවේ දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙන්ඩර් කැඳවලා තරගකාරීව බඩු මිලදී ගන්න. ඔය කැත වැඩ කරන්න එපා. රට ආර්තික වශයෙන් අමාරුවේ වැටිලා තියෙන්නේ. හිතන්න... පෙරේතකමට හොර වැඩ නොකරන්න. ප්‍රසම්පාදන කොමිසම දැන් වැඩද?. වෘත්තීය පලපුරුද්දක් ඇති අයත් ඔය කොමිටුවට දාන්න. හිත්වත්කම්, ඉල්ලීම්, බලපෑම් වලට ඕකට කට්ටිය දාලා මොනවා කරන්නද?..