සමන් පාලිත නානයක්කාර
හපුතලේ ලිප්ටන් අසපුව හි දී අද (25) සිදු වු රිය අනතුරකින් ජර්මන් ජාතික යුවලක් තුවාල ලබා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
මෙම යුවල රැගත් වෑන් රථය හපුතලේ දඹේතැන්න ලිප්ටන් සීට් පටු මාර්ගයේ ධාවනය වෙමින් තිබිය දී පාරෙන් ඉවතට පැන ප්රපාතයට පෙරලී අනතුර සිදුවී තිබේ. විදේශිය යුවල 42 හා 47 වැනි වියේ පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහලේ තත්වය දැක්කහම තුවාල හොඳ වෙන්න ඇති.
වාර්තාවේ හැටියට එක්කෝ වාහනය පදවා ගෙන ගොස් ඇත්තේ මේ විදේශික යුවල විසින් නැතිනම් ශ්රී ලංකා රියැදුරෙක් විසින්. ඉතින් වෙන කෙනෙක් රිය පැදවුවා නම් එයාට වෙච්ච දෙයක් ගැන නොලියන්නේ විදෙශිකයොත් එක්ක තියනකොට අපේ මිනිහගේ කිසිම වටිනාකමක් නැති නිසාද?
මේ පාර පටු එකක් වන අතර මේ දිනවල මීදුම පවතී. පාර නොදැන සිටින්නකුට පාර ඉතාම අනතුරුදායකයි. "ලිප්ටන් සීට් " බලන්න යනවා නම් හපුතලෙන් නොගොස් බණ්ඩාරවෙලින් යායුතුයි. මේ ස්ථානයට ලංකාවේ දිස්ත්රික්ක තුනක් හොඳින් පේනවා.
ත්රීවිල් අය අසාධාරණ ගණන් ගන්නවා වගේම අනතුරු දායක ලෙස රිය පදවනවා......
ලංකාවට සංචාරයක් ගිය මගේ විදේශ මිතුරෙක් කිව්වා නැවත කිසිදවසක ලංකාවට නොයන බව. හේතුව කිසිදු විනයක් නැති රියදුරන් මාර්ගයේ තමන්ගේත් අනුන්ගේත් ජීවිත් අනතුරට හෙලන බව.