මොරටුව ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය කාමර හදා දීමට පරිත්‍යාගශීලිහු සිව් දෙනෙක් ඉදිරිපත් වුහ.
රීටා බර්කස්,හෙක්ටර් වික්‍රමරත්න,ක්‍රිෂාන් මෙන්ඩිස් හා අජිත් වද්දුහේවා එම පරිත්‍යාගශීලිහු වෙති.
ඔවුන්ගේ දායකත්වය අගය කළ බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය අසෝකා කීර්තිලතා මහත්මිය ද නියෝජ්‍ය කොමසාරිස් වෛද්‍ය පී හේවගේ සහ රෝහලේ වෛද්‍ය අධිකාරී ජගත් ශාන්ත ද ඒ පරිත්‍යාගය රෝගීන් වෙනුවෙන් කළ ලොකු පින්කමක් බව කීහ.
අඩු සම්පත් ප්‍රමාණයක් හිමි ආයුර්වේදයේ වෛද්‍යවරුන් හා සේවකයින් උපරිම ශක්තිය යොදා රෝගීන් සුවපත් කිරීමට වෙහෙසෙන බවත් ජනතාව නිරෝගී වීමටගන්නා උත්සාහයේදී පරිත්‍යාග ශිලින්ගේ මෙහෙවර බෙහෙවින් අගය කරන බව ඔවුහු කීහ.ලුනාව ආයුර්වේද රෝහලේ දකුණු කොරියා කටු චිකිස්තා සායනයක් ද තරබාරු බව නැති කැර ගැනීමේ සායනයක් ද පැවැත්වේ.
වෛද්‍ය අධිකාරී ජගත් ශාන්ත මහතාගේ දුරකතන අංකය 071-8330344





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd