එංගලන්තයේ සරේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර පෙරදින රාත්‍රියේදී ලන්ඩනයේ ගුවන්තොටකදී අප්‍රසන්න, බිහිසුණු, කටුක හා අවිනීත තත්ත්වයකට ලක්වූ බව ඔහුගේ ට්විටර් ගිණුමේ ලියා ඇත.
මහා බ්‍රිතාන්‍යයේ ආගමන හා විගමන නිලධරයකුගේ ක්‍රියාව නිසා තමා එම අත්දැකීමට ලක්වූ බවද ඔහුගේ ට්විටර් පණිවුඩයේ සටහන්ව ඇත. ‘‘පාට, ආගම හෝ කීර්තිය කුමක් වුවත් හැම ගුවන් මගියකුටම ආචාරශීලී විය යුතුයි. මගේ වාසනාවට මෙන් මා එවැනි කටුක හා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ පෑවේ එක් නිලධරයකුගෙන් පමණි. එදා රාජකාරියේ සිටි සෙසු ආගමන විගමන නිලධරයෝ මනහරය‘‘ පසුගිය 15 වසරේදීම බ්‍රිතාන්‍යයට පැමිණි තමා මෙවැනි අත්දැකීමකට මුහුණ පෑ පළමු අවස්ථාව මෙය බවත් ඔහු කියයි.
සෝදිසියෙන් හා පරීක්ෂාවෙන් සිටීමේ අවශ්‍යතාවය තමා පිළිගන්නා නමුත් ඒ නිසාම හැම ගුවන් මගියකුටම ආචාරශීලී ලෙසත් සුහදවත් සැලකිලි දැක්විය යුතු බවත් ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ. මෙම නිලධරයා අශිෂ්ට නොහික්මුණු තමාගේ ලොකුකම් පෙන්වූ අවිනීත පුද්ගලයකු බවද සංගක්කාර ඔහුගේ ට්විටර් පණිවුඩයෙන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම පැමිණිලි කරන්න තිබුනේ. (නදී)
කාලෙකට උඩදී ඔය රටේ මාත් අවුරුද්දක් ඉගෙන ගන්න ගිහින් ඉඳල ආවා 2007. මටත් මහා කටුක අත්දැකීම් ගොඩක් තියෙනවා ඔය රටේ. යන සහ ඉන්න හැමෝටම කියන්නේ සමහර තැන් උග්‍ර ජාතිවාදී මිනිස්සු ඉන්නේ. සංගා ගැන මට හරිම දුකයි. අපේ තානාපති නිලධාරින් ඔය වගේ සිද්ධි සුළුවෙන් නොගනී කියල හිතනවා. මොකද ඔය දේවල් අද සංගාට හෙට තව අපේම කාට හරි වෙන්න පුළුවන්.හොඳම දේ ඕවට විරුද්ධව හොඳ හඬක් නගන එක තානාපති මට්ටමින්.(නදී)
හරි පාට පෙන්නලා තියෙන්නේ (නදී)
ලංකාවේ ක්‍රමයට නං සංගා යද්දී, දොරවල් ඇරලා දෙන්න ඕනා. දකිනකොටම වෙලාව නාස්තිකරන්නේ නැතුව සීල් එක ගහල දෙන්න ඕනා. බඩු බාහිරාදිය පරික්ෂා කරන්නේ නැහැ. කෙටියෙන් කියනවා නම් ලංකාවේ යන ඕන තැනක වී.අයි.පී තමා. වැඩේ තියෙන්නේ යු.කේ වගේ රටක පී.එම් ආවත්, එම්.පී කෙනෙක් ආවත්, සාමාන්‍ය මිනිස්සු විදියට තමා වැඩ (නදී)
තානාපති මාර්ගෙන් මෙයට නිසි පියවරක් ගන්න ඕනේ (නදී)
අපේ රටේ පාලකයින්ගේ පප්පලා ඔය සුද්දෝ. ඒ නිසා මෙය සාමාන්‍ය දෙයක් කියලා සාධාරණීකරණය කරාවි.(නදී)
කැමරන් කළු සුද්දාට, ඒ සුද්දා පෙන්නුවේ එයාලගේ පරම්පරාවේ පැරණි මුතුන් මිත්තන්ගේ සැබෑ ස්වරූපයයි. ඒ එංගලන්තේ හැටි නම් ලජ්ජා සහගතයි (බ)
පාස්පෝර්ට් එක පිරෙන්න රට රටවල්වල විසා සීල් තිබේදීත්,මෙවෙනි කරදර කිරීම වරදකි. ඩේවිඩ් කැමරොන්, ,ඔයාට වැඩි තේරුමක් නැති හැඩයි. ඕස්ට්‍රලියව හා එංගලන්තය,දුඹුරු හම පාච්චල් කරනවා.(බ)
මේක ලොකු ප්‍රශ්නයක් නෙමේ , ලංකාවේදී වීඅයිපී වුනාට එහෙදි කාටත් නිතිය එකයි . ශාරුක් ඛාන් ඇමරිකාවට ගිය හැම අවස්ථාවකදීම පැය 4 ක් 5 තියාගෙන ප්‍රශ්න කරා ,ඒක එ් රටේ නිතිය ,ඉන්දියාවේ මිනිස්සු ඉන්දියාවේ තියන ඇමරිකන් තානාපති කාර්යාලයට ගැහැව්වා , (බ)
නිව්යෝක් ගුවන් තොටුපලේදී ශාරුක් කාන්වත්, හරවල එවන්න හැදුවා.(නදී)
සංගක්කාරට කෙසේ වෙතත් සාමාන්‍ය ලක් වැසියන් ලංකා ගුවන් තොටු පළේදී ඔයිට වඩා අවමානයට අපේම ආගමන විගමන සහ රේගු නිලදරින්ගෙන් පත්කරවනවා. එ්නිසා ඔය පිට රටකදී ලංකාවේ කෙනෙකුට සිදුවූ දෙය සුළු දෙයක්. අත් දැකිමෙන් කියන්නේ මම (නදී)
ලංකාවෙත් මෙහෙම අය ඉන්නවා. දවසක් වැදගත් ලෙස ඉන්න ප්‍රසිද්ධ තරුණ නිළියක්/ගායිකාවක් බොරුවට නවත්තගෙන විනාඩි ගානක් විස්තර ඇහුව. "තනියම යන්නේ ඇයි. මහත්තය යන්නේ නැද්ද" වගේ අනවශ්‍ය ප්‍රශ්න. මම හිටියේ එයාට පසු පසින්. අන්තිමේදී තව පොඩ්ඩෙන් ඇයට ටෝකියෝ යන ප්ලේන් එකත් මිස් වෙනවා. (බ)
හීත්රෝ වල ඔය කියන විදියට වැඩකරන්නේ ඒ ගොල්ලෝ ලොකුවට තමයි හිතන්නේ. ඇමරිකාවේ මීටවැඩිය හොඳින් මිනිසුන්ට සළකනවා. මමත් මුහුණදීලා තියෙනවා ඔය සිද්ධි වලට. වැඩිය හිතන්න නරකයි. නමුත් සංගක්කාරට වෙච්ච දේ ගැන කණගාටුයි !! (නි)
ශාරුක් ඛාන් ඇමරිකාවට ගිය වෙලාවෙත් ඔය වගේ තත්වයක් ඇතිවුණා. එයට ඉන්දීය රජයත් මැදිහත්වුණා. ඒකටත් එක්ක අපේ අය? (නි)
අපේ ලංකාවේ අය තාම සුද්දගේ හැටි දන්නේ නැහැ. (නි)
එංගලන්තේ විතරද? ඇයි ලංකාවෙත් ඔය වගේ අය ඉන්නවනේ. (නි)
සංගක්කාර, ඕවා ඉවසාගෙන ඉඳලා හොඳ වෙලාව ආවහම නියම දේ කරාවි. අර කියමනක් තිබෙනවානේ සඳුන් ගහ කපන්න කපන්න සුවඳයි කියලා (නි)
මම නිතර ගිහිල්ලා තිබෙනවා. කවදාවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. සංගා මොළය ඇති මහත්මයෙක් නිසා බොරු සෝබන දැම්මේ නැහැ කියලා හිතෙනවා. (නි)
මිනිපේ, එංගලන්තයේ විතරක් නෙමෙයි මුළු යුරෝපයම ඔහොම තමයි. හැබැයි ඕස්ට්‍රේලියාවේ නම් එහෙම නැහැ. හැමෝටම එක විදියට ගරුකරනවා (නි)
මම බ්‍රිතාන්‍ය ඇතුළුව රටවල් සෑහෙන පමණකට ගිහිල්ලා තිබෙනවා. අවංකව, සහයෝගයෙන්, සුහදව හැසිරෙනකොට ඒ මිනිස්සුත් එහෙමයි. හීත්රෝ වල තමයි මට හමුවූ හොඳම අය හිටියේ. වර්ගවාදී මැදපෙරදිග වුණත් අවහිරයක් වෙලා නැහැ. (නි)
මෙහෙත් එච්චර තමයි ආණ්ඩුවේ කන්තෝරු වල වැඩකරන උදවිය. දැන් මාසයකට විතර කලින් ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට කතාකළ අපේ පිටරට ඉන්න ලාංකික මිතුරෙකුගේ ඇඟට ටෙලිෆෝන් එකෙන්ම ගොඩවෙලා තිබුනා. පළමුව අපේ ආණ්ඩුවේ නිලධාරීන්ට මහජනයාට කතාකරන හැටි උගන්වන්න ඕනෑ, අපි සුද්දන්ව හදන්න යන්න කලින්. (නි)
අනේ කැමරන්, සුද්දන්ගේ හැමදේම හරි කියලද හිතාගෙන ඉන්නේ? සංගා කළ දේ හරි. අනෙක් අයගේත් ඇස් ඇරෙන්න (නි)
වසර 30 කට අදික කාලයක් යුරෝපයේ , ඇමරිකාවේ , ආසියාවේ , රටවල මම සංචාරය කරනවා, එහෙත් අද වනතුරු මෙවැනි කිසි දෙයක් වෙලා නැහැ , හැබැයි ලංකාවේදී කිහිප වරක් අපේ නිලධරින්ගෙන් මෙවෙනි අනවශ්‍ය කරදර සිදුවුණා (අ)
අපේ රටේ ඔය වගේ අය කොපමණවත් ඉන්නවා. කලබල වියයුතු නැහැ (නි)
සුද්දෝ ඔහොමයි කියලා හිතුනේ නැහැ නේද, නිකමටවත්? (නි)
දෛවයේ සරදම් (ම)
ඒ වැඩේනම් වැරැදියි.(හේ)
තියන ඉරිසියාවට තමයි.පැමිණිලි කළේ නැත්තේ මොකද ? (හේ)
ඉරිසියාව තමයි. තව අවුරුදු 1000 කාටවත් ඔය රටෙන් අපේ සංගා වගේ දක්ෂ මහත්මා ගුණයෙන් යුතු ක්‍රීඩකයෙකු බිහි වෙන්නේ නැහැ. ඉතින් ඉරිසියාවේ පැලෙනවා. (හේ)
එහෙ කෙසේ වෙතත් මේ ලෝක පුජිත ක්‍රීඩකයාට මෙහෙදිත් ක්‍රීඩා ලොක්කන්ගෙන් කෙනෙහිලි තිබුනා කියලා ආරංචියි. (නදී)