ශ්‍රී ලංකාවේ ඉතා පිටිසර ගම්මානවල ජීවත්වන ගැමි පවුල්වල ආර්ථික මට්ටම ඉහළ නැංවීම සහ එවන් පවුල්වල ඉගෙනීමට දක්ෂතා දක්වන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා උපකාරී වීමත් අරමුණුකොට පිහිටුවා ක්‍රියාත්මක කරන එංගලන්තයේ "කුළුණු හදක්" සුභ සාදක සංගමය දැනටමත් උතුරු මද සහ නැගෙනහිර පළාත්හි පවුල් රැසකට අවශ්‍ය සහන සැපයීමට කටයුතු යොදා ඇත.
මෙම සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය ආධාර ලබාගැනීමේ අරමුණෙන් ධර්මදාස සහ ලතා වල්පොල යුවළගේ පුත් අමිත් වල්පොල ගී ගයන "සෞම්‍ය රාත්‍රී" නමින් සංගීත ප්‍රසංගයක් ලන්ඩන් නුවරදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
2014 දෙසැම්බර් මස 06 වෙනි සෙනසුරාදා සවස 6.30 ට ලන්ඩනයේ හැච්එන්ඩ් පාසලේදී පැවැත්වෙන මෙම ගී ප්‍රසංගයේදී වල්පොල යුවළ ගායනා කළ බොහෝ ජනප්‍රිය ගීත ගායනා කෙරෙනු ඇත. යුග ගායනයෙන් අමිත් වල්පොලයන්හට ලන්ඩන් නුවර ජීවත්වන ප්‍රවීණ ගායිකාවෝ සහාය වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉතාම හොඳ සේවා, අරමුණම ඉටුකරන්න උත්සහ ගන්න කිසිම දේශපාලුවෙක් එකතුකරගන්න එපා (නදී)
අරමුණ නම් හොඳයි. ආධාර දර්ශන දැන් දැන් බහුල නිසා සියලු ඉපයීම් වල ගණන් හිලව් පිළිගත් විගණක වරයෙක් හරහා සිදුවන්නේ නම් තවත් හොඳයි. (හේ)
යහපත් අරමුණින් කරන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මගේ පැතුම. (අ)