ලන්ඩනයේ කිංස්බරි ශ්‍රි සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයට අඟහරුවා දා රාත්‍රී පෙට්‍රල් බොම්බ තුනක් ගැසීමෙන් බිත්තියකට සුළු හානි සිදුව ඇතැයි ලන්ඩන් පොලිසිය කියයි. තරුණයන් තිදෙනකු අසල රිය ගාලක සිට මෙම බෝම්බ ගසා ඇති බවත් එයින් ගින්නක් හටගත් බවත් වාර්තවෙයි. පොලිසිය එහි පැමිණ සමීප රූප විඩියෝ පට ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි රැගෙන ගියේය. විහාරාධිපති ගලයායේ පියදස්සී හිමියන් පැවැසුයේ කවුරුන් කුමක් සඳහා මෙය කළාදැයි නොදන්නා බවයි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ද එහි නිලධරයෙක් විහාරයට යැවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු උණත් පන්සලකට බෝම්බ ගහනවානම් ඒක අපි සහමුලින්ම හෙළා දැකිය යුතුයි
ව්ටේටම කැමරා හයි කලා නම් ඉවරයි නේ. කවුද කළේ කියලා දැන ගන්න තිබුණා එහෙනම්.
ලන්ඩන් වලටත් දැන් බෝම්බ ගහනවද?
ලන්ඩන් වලටත් දැන් බෝම්බ ගහනවද???
මෙම පන්සලට බෝම්බ ගැසූ දෙවන හෝ තුන්වන අවස්ථාවයි මේ.මට මතක හැටියට පන්සලේ ඉදිරිපස විඩියෝ කැමරා දෙකක් සවිකරලයි තියෙන්නේ. පලවන වාරයේ බෝම්බ ගැසුවයින් පසුව ඔය විඩියෝ කැමරා හයිකලා. ඉතින් විඩියෝ පටයට මොකද උනේ?
මෙහෙ පල්ලි කඩද්දි එහෙ පන්සල් කඩනවා....
දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඉවත් කළාට මුස්ලිම් අය කඩවල් වහලා උද්ඝෝෂණ කරනවා. හරි දැන් අපි බලමුකෝ, ලන්ඩන් වල පන්සලකට බෝම්බ ගැහුවට අපේ සිංහල බෞද්ධ අය මොකද කරන්නේ කියලා.....
ලන්ඩන් වල හැම තැනම අගලක් අගලක් ගාණේ වීඩියෝ වෙන කැමරා තියෙනවා
කාට උණත් මෙහෙම අපරාධ කරන්න දෙන්න හොද නෑ
මගේ හිතේ පොලිසිය දැන් ඒවා පරීක්ෂා කරලත් ඉවර ඇති. එහෙ වැඩ එහෙම තමා.
මේ වීඩියෝ කැමරා විශ්වාස කරන්න බෑ කියලයි මම නම් කියන්නේ