ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික සංඝමිත්තා පිංකම විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් පැවැත්විණි.
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමි, හැමල්හැම්ස්ටඩ්හි අමරාවතී විහාරයේ භික්ෂුණීන් වහන්සේලා දෙනමක් සහභාගී වුහ.
උදෑසන බුද්ධ වන්දනාවත් පෙහෙවස් සමාදන්වීමත් සිදුවිය. දවස පුරාම භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සිදුවිය.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩවිසූ අපවත්වී වදාළ ආචාර්ය මැදගම වජිරඥාන නාහිමියන් සිහිපත් කර උන්වහන්සේට පින් පැමිණවීම උදෙසා සාංඝික දානයක්ද පිරිනැමිණි.
මහින්ද නාහිමි සහ සීලවිමල නාහිමි වජිරඥාන නාහිමි අතින් සිදුවූ ශාසනික සේවාවන් අළලා අනුශාසනාවන් පවත්වනු ලැබීය.
සීලවිමල නාහිමි, අරියරතන හිමි, කස්සප හිමි, භික්ෂුණී අජාන් සුන්දරා සමඟ වෛද්‍ය උපාලි අභයසිරි සහ වෛද්‍ය සුමනා පෙරේරා සාකච්ඡා සහ දේශනා සඳහා සහභාගී වුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd