ලන්ඩන් නුවරදී අලුත් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
මෙහි ආරම්භයක් ලෙස ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ "සමනල සංධවනිය" චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය කරනු ලැබිය.
එම චිත්‍රපට ප්‍රදර්ශනයේ සාර්ථකත්වය නිසා මැයි මාසයේදී නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ " තණ්හා රතී රගා" සහ ජයන්ත චන්ද්‍රසිරිගේ " මහරජ ගැමුණු" චිත්‍රපටයත් තිරගත කරවීම සඳහා කටයුතු කර ඇත.
මෙම චිත්‍රපට දර්ශන පැවැත්වෙන්නේ උතුරු ලන්ඩනයේ හැරෝ නඟරයේ පිහිටි " සෆාරි" සිනමා ශාලාවේදීය. මුල් චිත්‍රපටය මැයි 23 වන සෙනසුරාදා දහවල් 1 ටත් දෙවැන්න මැයි 31 වන ඉරිදා දහවල් 1.30 ටත් පැවැත්වෙයි.
ඉදිරියේදීත් වෙනත් සිනමා කෘතීන් ලන්ඩනයට ගෙන්වා ප්‍රදර්ශනය කරවීම සඳහා කටයුතු කිරීමටත් ලන්ඩන් නුවරින් පිට ප්‍රධාන නගරවල මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කරවීමේ පහසුකම් ඇත්දැයි සොයාබැලීමටත් බලාපොරොත්තුවන බවද සංවිධායකයින් පවසති.
මෙපරිද්දෙන් ලන්ඩන් නුවර සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කැරුණේ බොහෝ කාලයකට පසුවය. මිට වසර බොහෝ ගණනකට පෙර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකුවූ ජී.ඩී.එල්. පෙරේරාගේ මුලිකත්වයෙන් සෑම මාසයකම අවසන් ඉරිදා දිනයේදී සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණි. ලන්ඩනයේ එවකට සෑම පළාතකම සිනමා ශාලා විවෘත තිබුණද කල් යත්ම අදායම් පහළ බැසීමත් සුපිරි සාප්පු සංකීර්ණයන් තුල සිනමා ශාලා ඉදිවීමත් හේතුවෙන් පැරණි නඟරබද සිනමා ශාලා සියල්ල වසා දමනු ලැබිය. මේ හේතුවෙන් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය ද නවතා දැමීමට සිදුවිය.
මෑතක සිට ලන්ඩන් නුවර ප්‍රධාන සිනමා සමාගම් කිහිපයක් මඟින් ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන හින්දි සහ දෙමළ චිත්‍රපට එංගලන්තය බෙදාහරිනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් අවසර ගත්තද ? (ස)
ගොඩක් සතුටුයි.(හේ)
ලන්ඩනයේ හුඟක් සමාජ සේවා, ආගමික සංවිධාන ලංකාවේ දුප්පතුන්ට පිහිටවෙන විවිධ පුණ්‍ය කටයුතු සඳහා මීට සමාන දෑ සංවිධානය කරමින් මුදල් එකතු කරනවා. එහෙත් මේ කණ්ඩායම් මොනවද එකතුවෙන මුදල් වලට කරන්නේ? නොදන්නා නිසයි අහන්නේ (නි)
සඳරුවන් නගන ප්‍රශ්නය එංගලන්තයේ ඕනෑම වැඩක් කරන අයගෙන් බොහෝදෙනා නිරතුරුවම අසන ප්‍රශ්නයක් නිසා ඔබගේ මේ විමසුම හොඳින් වටහා ගන්නට පුළුවන්. සමහරවිට මුදල් එකතුකරන සියලුම කණ්ඩායම් ඒවා නිසි අයුරින් භාවිතාකරනවාද කියා මට කිව නොහැකියි. නමුත් මා දන්නා හෙළ සරණ, උපන්දින අරමුදල වැනි සංවිධාන මඟින් අගය කලයුතු සහන වැඩ කටයුතු නිහඬව ඉටුකරන බව කිවයුතුයි. මෙම චිත්‍රපට දර්ශන අතරින් "තන්හා රති රගා" අතුල දස්සන පන්සල සඳහා නව ගොඩනැඟිල්ලක් ලබාගැනීමට ආධාර ලබාගැනීමේ අරමුණෙන් සංවිධානය කර ඇතිබව සඳහන් වනවා. එම පන්සල අලුතින් ආරම්භ කල එකක් බැවින් නව ගොඩනැඟිල්ලක අවශ්‍යතාවයක් ඇති නිසා එය වරදක් ලෙස මා දකින්නේ නැහැ. (ස)