ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පොසොන් පුන් පොහොය දින දන්සලට ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතිකයෝ 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වුහ.එහිදී ශ්‍රී ලාංකික අහාර පාන වර්ග කිහිපයක් සමඟ අතුරු පස වශයෙන් අයිස් ක්‍රීම්ද සැපයිණි.
විහාරාධිපති වදුරඹ කස්සප හිමියන් හා හා දායක සභාවේ මඟ පෙන්වීමෙන් අයිරාංගනී සමරකෝන් සහ විපුල ඇතුළු දායක දායිකාවෝ බොහෝ දෙනෙක් ආහාර පිළියෙළ කළහ.අයිස් ක්‍රීම් සපයන ලද්දේ දමිත ද මේල් විසිනි. නුවන් පරණමාන්න රෝස් පාන් සැපයීය.
එදින සවස් භාගයේදී අතුල දස්සන දහම් පාසලේ දරු දැරියෝ භක්ති ගීත සංදර්ශනයක් ඉදිරිපත් කළහ.වඳුරඹ කස්සප හිමියන් මෙහෙයවූ ආශීර්වාද පුජාවෙන් පින්කමේ කටයුතු අවසන් විය. පිංකම සඳහා විහාර භූමියේ අලංකාර මිහින්තලා අනුරුවක් ඉදිකර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් අතුල දස්සන විහාරේ මිහින්තලා අනුරුවක්
ප්‍රියංක Friday, 27 June 2014 10:21 AM
සාධු! සාධු!! සාධු!!! (නදී)
ඉරාජ් Saturday, 28 June 2014 03:18 AM
දන්සල් දෙන එක හොඳයි. නමුත් එංගලන්තේ සල්ලි තියන සුද්දන්ට නිකන් කන්න දෙනවට වඩා ලංකාවේ දුප්පත් ගම්වල ඉස්කෝලේ යන දරුවන්ට පන්ති කාමරයක් හදල දෙන එක ගොඩක් පින් සිද්ද වෙනවා. පිටරට දෙන දන්සල් සාදයකින් වෙනස් වෙන්නේ ගොඩක් දුරට නමින් විතරයි. (නදී)
ජනක Friday, 27 June 2014 02:28 PM
අතුල දස්සන විහාරය මුළු ලන්ඩනයම ආලෝක කරනවා. අනෙකුත් පන්සල් වලටත් ආදර්ශයක්. විවිධ බාධක මැද්දේ සිදුකරන සාශනික සේවය අති විශිෂ්ටයි. කස්සප හාමුදුරුවන්ට සුභ පැතුම්!(දී)
නීල් ප්‍රනාන්දු Sunday, 29 June 2014 02:21 AM
වීසා නැතිව ඉදලා හරි දන්සලක් දීපු එක අනිත් අයට ආදර්ශයක්.නමුත් මට තියන දුක දන්සල් දුන්නට හැමදේම මුදල් මත තීරණය වෙලා (දී)
සුරිය Sunday, 29 June 2014 02:53 AM
කොයි දේ කලත් අපේ කට්ටියට පෙනෙන්නේ වැරද්දක් විතරයි (දී)