ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පොසොන් පුන් පොහොය දින දන්සලට ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතිකයෝ 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වුහ.එහිදී ශ්‍රී ලාංකික අහාර පාන වර්ග කිහිපයක් සමඟ අතුරු පස වශයෙන් අයිස් ක්‍රීම්ද සැපයිණි.
විහාරාධිපති වදුරඹ කස්සප හිමියන් හා හා දායක සභාවේ මඟ පෙන්වීමෙන් අයිරාංගනී සමරකෝන් සහ විපුල ඇතුළු දායක දායිකාවෝ බොහෝ දෙනෙක් ආහාර පිළියෙළ කළහ.අයිස් ක්‍රීම් සපයන ලද්දේ දමිත ද මේල් විසිනි. නුවන් පරණමාන්න රෝස් පාන් සැපයීය.
එදින සවස් භාගයේදී අතුල දස්සන දහම් පාසලේ දරු දැරියෝ භක්ති ගීත සංදර්ශනයක් ඉදිරිපත් කළහ.වඳුරඹ කස්සප හිමියන් මෙහෙයවූ ආශීර්වාද පුජාවෙන් පින්කමේ කටයුතු අවසන් විය. පිංකම සඳහා විහාර භූමියේ අලංකාර මිහින්තලා අනුරුවක් ඉදිකර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු! සාධු!! සාධු!!! (නදී)
දන්සල් දෙන එක හොඳයි. නමුත් එංගලන්තේ සල්ලි තියන සුද්දන්ට නිකන් කන්න දෙනවට වඩා ලංකාවේ දුප්පත් ගම්වල ඉස්කෝලේ යන දරුවන්ට පන්ති කාමරයක් හදල දෙන එක ගොඩක් පින් සිද්ද වෙනවා. පිටරට දෙන දන්සල් සාදයකින් වෙනස් වෙන්නේ ගොඩක් දුරට නමින් විතරයි. (නදී)
අතුල දස්සන විහාරය මුළු ලන්ඩනයම ආලෝක කරනවා. අනෙකුත් පන්සල් වලටත් ආදර්ශයක්. විවිධ බාධක මැද්දේ සිදුකරන සාශනික සේවය අති විශිෂ්ටයි. කස්සප හාමුදුරුවන්ට සුභ පැතුම්!(දී)
වීසා නැතිව ඉදලා හරි දන්සලක් දීපු එක අනිත් අයට ආදර්ශයක්.නමුත් මට තියන දුක දන්සල් දුන්නට හැමදේම මුදල් මත තීරණය වෙලා (දී)
කොයි දේ කලත් අපේ කට්ටියට පෙනෙන්නේ වැරද්දක් විතරයි (දී)