සෞදියේ නැගෙනහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ‘ශ්‍රී ලංකන් ලයන්ස්‘ ක්‍රීඩා සමාජය සංවිධානය කළ සය සාමාජික ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව සීඩී ජුබෙල් කණ්ඩායම හිමිකරගත්තේය.
සෞදියේ දමාම් රාකා සාබ් ක්‍රීඩාංගනයේදී පැවැති තරඟාවලියේ අවසන් තරඟයට සීඩී ජුබෙල් හා ෆයිටස් කණ්ඩායම් සුදුසුකම් ලබාගත් අතර එම තරඟයේදී සීඩී ජුබෙල් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 52 ට පිළිතුරු ලෙස ෆයිටස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 25 ක් පමණි.
තරඟාවලියේ වීරයා ලෙස සීඩී ජුබෙල් කණ්ඩායමේ බාඩර් (බඩී) නම් කෙරුණු අතර අවසන් තරඟයේ වීරයා වූයේ ඒ සිපාන් ය. හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කරගත්තේ ෆයිටස් කණ්ඩායමේ අසාර්ය. ශුරතාවය දිනූ සීඩී ජුබෙල් කණ්ඩාමට ශ්‍රී ලන්කන් ලයන්ස් කුසලානය විධායක නිලධාරී සුනිල් පල්ලියගුරු මහතා අතින් හිමිවූ අතර පීසී කාර්ගෝ අධිපති චාලි තලයරත්න මහතා අතින් අනු ශූරතා කුසලානය ෆයිටස් කණ්ඩායමට හිමිවිය.
තරඟාවලිය සඳහා හැටන් නැෂනල් බැංකුව, පීසී කාගෝ, එක්ස්ප්‍රස් මනි, ගෝල්ඩන් ඩිසයින් යන ආයතන අනුග්‍රහය දැක්වූ අතර අල් රාජී බැංකුවේ නවරත්නම් නවා, අරුන් පිලිප්, මොහොමඩ් ඉර්ශාඩ්, කිංස්ලි ප්‍රනාන්දු යන ශ්‍රී ලාංකිකයෝ සංවිධාන කටයුතු සිදු කළහ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලන්කන් ලයන්ස් සෞදියේ ක්‍රිකට් පතුරයි