රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ගෘහස්ත විදුලි පංකා හා අධි සැර ආලෝක ධාරා යොදාගෙන වේලන අයුරු දැකගත හැකිවිය .
මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - බංගලාදේශ 19 පහළ කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟයට වර්ෂාව නිසා බලපෑම් ඇතිවීමෙන් මෙසේ තණතීරුව වියළීම සිදුකරන ලදි.
30 දින තරගය පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත ව තිබුනද තෙතමනය නිසා පෙ ව 11 වනවිටත් වියළී නොතිබිණි .
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක ගෘහස්ත විදුලි පංකා හා ආලෝක ධාරා යොදාගෙන තණතිරුව වියළීම පිළිබඳව විදේශ රටවල ක්‍රීඩකයෝ පුදුමයෙන් බලාසිටියහ. කලාතුරකින් වැසි ලැබෙන දඹුලු ක්‍රිකට් පිටියට ස්වභාවයෙන් ලැබෙන දැඩි හිරු එළිය මදිවී විදුලි පංකා යොදා ගැනීම සොබාදහමේ සරදමක් බව බොහෝ දෙනෙක් කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මෝඩ රැලක් (බ)
අවුලක් නෑ වේලනවානම් සුපිරි (බ)
ලෝකයේ යම් දේවල් කරන ප්‍රමිතියක් තියෙනවා. ඒ මගින් දේවල් වල ගුණාත්මක භාවය ආරක්ෂා කෙරෙනවා. මෙවැනි සිදුවීම් වලින් පෙනෙන්නේ මේ වගේ ප්‍රශ්නයකදී අනුගමනය කල යුතු පිළිගත් වැඩ පිළිවෙලක් ජාත්‍යන්තර යයි කියා ගන්න මෙම ස්ථානයේ නැති බවයි. වැරැද්ද මේ මිනිස්සුන්ගේ නෙවෙයි. නිසි පුහුණුවක් හෝ දැනුමක් හෝ වැඩ පිළිවෙලක් නැති ව සේවකයන් පාලනය කරන මෙහි ප්‍රධාන නිලධරියාගෙයි. (හේ)
මේවා මෝඩවැඩ (දිල්)
සැබෑ වෙනසක්.(හේ)
මරු වැඩක් නේ. ලොකු කරන්ට් එකක් යන්නෙත් නැහැනේ. ෆෑන් එකක් වොට් 20යි නේ. ලංකාවෙන් ලෝකෙටම පාඩමක් (නදී)
මම නම් කියන්නේ අයන් ටිකක් අරගෙන අයන් කලා නම් ඔයිට වඩා ලේසියි. හා නැද්ද. (නදී)
නවසීලන්තයෙන් ආනයනය කල හොඳම සම්බවයක් සහිත මී හරක් (නදී)
අනේ මෙහෙමත් මෝඩ වැඩ! (නි)
ඔයිට වඩා සාර්ථකයි (නදී)
මාත් ඔහොම කලිසම වේලනවා (නදී)
නාස්තිය ඉහවහා ගිය තවත් අවස්ථාවක් ! (දිල්)
මේ මොකද්ද කරන්නේ ලංකාවට ලැජ්ජාවක් (දිල්)
මේක මුදල් නාස්තියක් මේ වගේ දෙයක් මෙහෙම වේලන්න පුළුවන්ද?(දිල්)
ගොඩක් රටවල මේක කරනවා.ඒත් මෙහෙමෙ නම් නෙවෙයි (දිල්)
මේක මේ පිස්සු වැඩක් නේ (දිල්)