ආනයනික ලොකු ලූනු සඳහා රජය කිලෝවකට රු 20ක අමතර බද්දක් පැනවීමත් සමග මෙරට ලූනු මිල ඉහළ ගොස් ඇතැයි ගොවීහු කියති. ඒ අනුව මෙතෙක් දඹුල්ල වෙළඳපලේ රුපියල් 30 ත් 45 ත් අතර මිලකට අලෙවි වූ දේශීය ලූනු කිලෝව අද (23) සිට රුපියල් 80 ත් 90 ත් මිලකට අලෙවි වේ.
එමගින් තම අස්වනුවලට සාධාරණ මිලක් ඇතිවූ බවද ගොවීහු පවසති.
විදේශ රටවලින් ලොකු ලූනු ආනයනය නිසා දේශීය ලොකු ලූනු මිල විශාල වශයෙන් පහත වැටි තිබූ බවත් මේ පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවූ තැන තමන්ට සිදුව ඇති පාඩුව ජනමාධ්‍ය මගින් රජයේ අවධානය යොමු කළ බවත් ගොවීහු සඳහන් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවීන්ගේ සතුට අපේ අසතුටට හේතුවක්. මොකද දන්නවද? දඹුල්ලේ ලොකු ලූණු රුපියල් 35 - 40 ට තියෙද්දී අපි කඩෙන් ගත්තේ රුපියල් 120.00 ටයි. දැන් ගොවීන් 80.00 ට දෙනකොට අපිට 160.00 ට තමයි ගන්න වෙන්නේ. ඒකත් කමක් නැහැ කියමුකෝ.ආදරණීය ගොවි මහත්වරුනි, ඔයාල ලූණු ගණන් ගියාම ඒවා නිසි තරමට වේළන්නේ නැතුව අමුවෙන් වෙළඳපළට විකුණනවා. එහෙම වුණාම වැඩි මුදලක් දීලත් අපිට ගන්න ලැබෙන්නේ බාගෙට කුණුවූ ලූණු. අනේ! ඒ ගැනත් සිතන්න. (නි)
අද හිනා වුනොත් හෙට අඩන්න වෙයි.(ම)
මේවා හොඳ වැඩ .....නියමයි ...!!! (ම)
කලින් කියන්නේ එකක් දැන් කියන්නේ තව එකක්, මේක තමයි යහපාලනය කියන්නේ (බ)
ආණ්ඩු දෙකම කළේ දුප්පත් පාරිභෝගිකයිගේ බඩට ගැහිල්ල, ඔක්කොම කුණු දුප්පත් පාරිභෝගිකයිගේ බොක්කට ආණ්ඩුවේ සේවකයින්ට කිසිම පරාසයක් නැහැ මොකද හැම ආණ්ඩුවකින්ම පඩි වැඩි වෙනවනේ, ආණ්ඩු දෙකම එකයි, (අ)
ගොවියට කිරි අපට කැකිරි යහපාලනයට සාප වේවා (බ)
අනේ අර මනුස්සය ලුණු ගෝනිය උඩ හිට ගෙනනේ (ම).
ඡන්දෙට ඉස්සෙල්ල බදු සහන දීගෙන දීගෙන ගියා ... දැන් අායෙත් කපා ගෙන කපා ගෙන යනවා නරියෙක් කිව්වලු හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනෙයි කියල (බ)
එහෙම කියන්න එපා. දැන් යහපාලන ආණ්ඩුව ටික ටික වැරදි තැන් නිවැරදි කරගෙන යනවා. අපි එයාලට ආණ්ඩුව කරගෙන යන්න දෙන්න ඕනෑ. අවුරුදු 5කට පස්සේ පුළුවන් මේ ආණ්ඩුව මිනිසුන්ට නිවැරදි දෙයක් කළාද නැද්ද කියලා තීරණය කරන්න. එහෙම නැතුව අපි එයාලා පටන්ගත්ත ගමන් දොස් කියන එක වැරදියි (නි)
මොනව වුනත් අන්තිමට පැරදුනේ අපි ? (බ)
ලූනු ගොවියෝ නම් දැන් කටට රහට ලූනු සම්බෝල, සීනි සම්බෝල එහෙම කනවා ඇති.හොඳයි ඒ අයට නම්.ඒ වුණත් දුප්පතාට නම් අසහනය තමා.... (නි)
සිය රට දේ සිරි සැප දේ. අපේ ගොවියට හොඳ මිලක් ලැබෙනවට සතුටුයි. පිටරටට යන සල්ලි ඉතිරි වෙනවා කියන්නේ සංවර්ධනයේ එක ක්‍රමයක්. නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අපි නම් මිල ගැන හිතන්න එපා. (අ)
මේවා ගැන සොයා බලන්න රජයේ වැටුප් අරගන්න, නිල වාහන අරගන්න, තීරුබදු රහිත වාහන ගන්න, නිලධාරීන් ගණනාවක් සිටියත් පත්තරේකින් පෙන්නනතුරු එයාලා උඩ බලාගෙන ඉන්නවා. වැඩේ හොඳටම උග්‍රවුණාම අහවල් උත්තමයා ඇවිල්ලා විසඳුමක් දුන්නා කියලා ඔටුන්න දාගන්නවා. මේවා හින්දා තමයි එන්න එන්න එයාලා පිම්බෙන්නේ. (නි)
වී මිලදී ගන්න පරක්කු වුනොත් අනේ ගොවියෝ පව් කියල අඩනවා. දැන් ගොවීන්ට බනිනවා. හැමදාම හැමෝම සතුටු කරන්න බෑ. (අ)
ගොවියන්ට දෙගුණයක් ලැබෙනවා කියන්නේ පාරිභෝගිකයන්ට දෙගුණයක් ගෙවන්න වෙනවා කියන එක. දෙගොල්ලන්ටම සාධාරණයක් කරන්න විදියක් නැද්ද හැබෑටම? (නි)