IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලූනු ගොවියෝ සතුටින්

ආනයනික ලොකු ලූනු සඳහා රජය කිලෝවකට  රු 20ක අමතර බද්දක් පැනවීමත් සමග මෙරට ලූනු මිල ඉහළ ගොස් ඇතැයි ගොවීහු කියති. ඒ අනුව මෙතෙක් දඹුල්ල වෙළඳපලේ රුපියල් 30 ත් 45 ත් අතර මිලකට අලෙවි වූ දේශීය ලූනු කිලෝව අද (23) සිට රුපියල් 80 ත් 90 ත් මිලකට අලෙවි වේ.

එමගින් තම අස්වනුවලට සාධාරණ මිලක් ඇතිවූ බවද ගොවීහු පවසති.

විදේශ රටවලින් ලොකු ලූනු ආනයනය නිසා දේශීය ලොකු ලූනු මිල විශාල වශයෙන් පහත වැටි තිබූ බවත් මේ පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවූ තැන තමන්ට සිදුව ඇති පාඩුව ජනමාධ්‍ය මගින් රජයේ අවධානය යොමු කළ බවත් ගොවීහු සඳහන් කළහ.

onion_20159232 onion_201592323 onion_201592324

 



අදහස් (0)

ලූනු ගොවියෝ සතුටින්

අජිත් කරුණාරත්න Thursday, 24 September 2015 01:03 AM

ගොවීන්ගේ සතුට අපේ අසතුටට හේතුවක්. මොකද දන්නවද? දඹුල්ලේ ලොකු ලූණු රුපියල් 35 - 40 ට තියෙද්දී අපි කඩෙන් ගත්තේ රුපියල් 120.00 ටයි. දැන් ගොවීන් 80.00 ට දෙනකොට අපිට 160.00 ට තමයි ගන්න වෙන්නේ. ඒකත් කමක් නැහැ කියමුකෝ.ආදරණීය ගොවි මහත්වරුනි, ඔයාල ලූණු ගණන් ගියාම ඒවා නිසි තරමට වේළන්නේ නැතුව අමුවෙන් වෙළඳපළට විකුණනවා. එහෙම වුණාම වැඩි මුදලක් දීලත් අපිට ගන්න ලැබෙන්නේ බාගෙට කුණුවූ ලූණු. අනේ! ඒ ගැනත් සිතන්න. (නි)

:       0       0

ආනන්ද Thursday, 24 September 2015 09:19 AM

අද හිනා වුනොත් හෙට අඩන්න වෙයි.(ම)

:       0       0

වජිර Thursday, 24 September 2015 04:06 AM

මේවා හොඳ වැඩ .....නියමයි ...!!! (ම)

:       0       0

පත්මබන්දු Thursday, 24 September 2015 04:13 AM

කලින් කියන්නේ එකක් දැන් කියන්නේ තව එකක්, මේක තමයි යහපාලනය කියන්නේ (බ)

:       0       0

පරා Wednesday, 23 September 2015 01:28 PM

ආණ්ඩු දෙකම කළේ දුප්පත් පාරිභෝගිකයිගේ බඩට ගැහිල්ල, ඔක්කොම කුණු දුප්පත් පාරිභෝගිකයිගේ බොක්කට ආණ්ඩුවේ සේවකයින්ට කිසිම පරාසයක් නැහැ මොකද හැම ආණ්ඩුවකින්ම පඩි වැඩි වෙනවනේ, ආණ්ඩු දෙකම එකයි, (අ)

:       0       0

දීන් අලුත්කඩේ Thursday, 24 September 2015 05:06 AM

ගොවියට කිරි අපට කැකිරි යහපාලනයට සාප වේවා (බ)

:       0       0

අබේරත්න Wednesday, 23 September 2015 03:28 PM

අනේ අර මනුස්සය ලුණු ගෝනිය උඩ හිට ගෙනනේ (ම).

:       0       0

සංජය Thursday, 24 September 2015 06:14 AM

ඡන්දෙට ඉස්සෙල්ල බදු සහන දීගෙන දීගෙන ගියා ... දැන් අායෙත් කපා ගෙන කපා ගෙන යනවා නරියෙක් කිව්වලු හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනෙයි කියල (බ)

:       0       0

චන්දන Wednesday, 23 September 2015 03:56 PM

එහෙම කියන්න එපා. දැන් යහපාලන ආණ්ඩුව ටික ටික වැරදි තැන් නිවැරදි කරගෙන යනවා. අපි එයාලට ආණ්ඩුව කරගෙන යන්න දෙන්න ඕනෑ. අවුරුදු 5කට පස්සේ පුළුවන් මේ ආණ්ඩුව මිනිසුන්ට නිවැරදි දෙයක් කළාද නැද්ද කියලා තීරණය කරන්න. එහෙම නැතුව අපි එයාලා පටන්ගත්ත ගමන් දොස් කියන එක වැරදියි (නි)

:       0       0

සිසිර Thursday, 24 September 2015 06:29 AM

මොනව වුනත් අන්තිමට පැරදුනේ අපි ? (බ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 23 September 2015 08:48 PM

ලූනු ගොවියෝ නම් දැන් කටට රහට ලූනු සම්බෝල, සීනි සම්බෝල එහෙම කනවා ඇති.හොඳයි ඒ අයට නම්.ඒ වුණත් දුප්පතාට නම් අසහනය තමා.... (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 24 September 2015 07:34 AM

සිය රට දේ සිරි සැප දේ. අපේ ගොවියට හොඳ මිලක් ලැබෙනවට සතුටුයි. පිටරටට යන සල්ලි ඉතිරි වෙනවා කියන්නේ සංවර්ධනයේ එක ක්‍රමයක්. නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අපි නම් මිල ගැන හිතන්න එපා. (අ)

:       0       0

ලලිත් Wednesday, 23 September 2015 10:43 PM

මේවා ගැන සොයා බලන්න රජයේ වැටුප් අරගන්න, නිල වාහන අරගන්න, තීරුබදු රහිත වාහන ගන්න, නිලධාරීන් ගණනාවක් සිටියත් පත්තරේකින් පෙන්නනතුරු එයාලා උඩ බලාගෙන ඉන්නවා. වැඩේ හොඳටම උග්‍රවුණාම අහවල් උත්තමයා ඇවිල්ලා විසඳුමක් දුන්නා කියලා ඔටුන්න දාගන්නවා. මේවා හින්දා තමයි එන්න එන්න එයාලා පිම්බෙන්නේ. (නි)

:       0       0

ලහිරු Thursday, 24 September 2015 07:40 AM

වී මිලදී ගන්න පරක්කු වුනොත් අනේ ගොවියෝ පව් කියල අඩනවා. දැන් ගොවීන්ට බනිනවා. හැමදාම හැමෝම සතුටු කරන්න බෑ. (අ)

:       0       0

හර්ෂණී Thursday, 24 September 2015 12:05 AM

ගොවියන්ට දෙගුණයක් ලැබෙනවා කියන්නේ පාරිභෝගිකයන්ට දෙගුණයක් ගෙවන්න වෙනවා කියන එක. දෙගොල්ලන්ටම සාධාරණයක් කරන්න විදියක් නැද්ද හැබෑටම? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site