( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍යවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (6) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ,විදේශ අමාත්‍ය රවී කරුණානායක ,මුදල් හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් වලට කිසිම දෙයකින් අදාළ නැති තැනකට මෙය එක් කරන්නට යන්නේ කළමනාකාරණය දන්නේ නැති පරිපාලකයන් නිසාද? අනික මෙවැනි දේවල් කරන්නට ඉඩදීම ගැන රටේ ජනතාව ඉන් කුමක් අදහස් කර ගනීද?
අනේ ඇයි එහෙම කරන්නේ? කීයක් හරි හම්බ කරගන්න තැන්නේ...
මේ ආණ්ඩුව මුලසිටම කලේ නොගැළපෙන වැඩ... ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පැවැරීමෙන් එහි මහා දූෂණයක් වෙන බව නම් පැහැදිළියි. හිතාගෙන ඇති ලංකාවේ අයව අන්දන්න පුළුවන් වෙයි කියලා...
මේ ආණ්ඩුවේ ගොන් වැඩවල ඉවරයක් නැහැ. මට පෙන්නේ රනිල්ට තේරෙන්න නෙහ.
යහපාලන ආණ්ඩුව පත්වුනු සැණින්, රවී කරුණානායක පළමුවෙන් කලේ ස.තො.ස. බංකොලොත් කිරීමේ චෝදනා වලින් තමන්ව නිදොස් කරගන්න එක. පසුව මුදල් ඇමතිකම නැවත ලබාගන්න එක. මහ බැංකුව මුදල් ඇමති යටතට පත් නොකර රනිල් තම සන්තකයේ තබාගෙන බැඳුම්කර මගඩියට මාර්ගය සාදා දුන්නා. යටිමඩි ගහගන්න මුදල් ගණුදෙනු කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය නිසා විදේශ අමාත්‍යංශයට ලොතරැයි මණ්ඩලය ඈඳගෙන කටයුතු කරනවා. දේශපාලකයින් විසින් හැමදෙයක්ම සොරාකමින් සිටින, හැමදෙයක්ම අච්චාරු කරගත් රටක මෙහෙම දෙයක් වෙන එක පුදුමයකුත් නෙමෙයි.
එතකොට පහුගිය රජය කාලේ නාගරික සංවර්ධන අධිකාරිය හිටපු ආරක්ෂක ලේකම් යටතට පත්වෙනකොට කොහෙද හිටියේ?
රවී කරුණානායක මහත්තයා මොකටද එන්න හදන්නේ? සල්ලි ගැවසෙන හැම පැත්තටම ගිහිල්ල සුද්ද කරනවා වගේ, හරියන පාටක් නැහැ. හැමදාම වාසනාවට සල්ලි හම්බ කරන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ. ලොතරැයියටත් ගිහිල්ලා එකේ වග උත්තරකරු වෙන්නවත් යනවද? රට ඉවරයි. මේ ක්‍රියා කලාපයේ කිසිම විනිවිද භාවයක් නැහැ. මොකට මුදල් ඇමති වුණාද මන්දා.... මොකට විදේශ කටයුතු ඇමති කළාද කියල තේරෙන්න මැරිලා ඉපදෙන්න වෙනවා.