( තිළිණි ද සිල්වා )
විදේශ අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙක ගැසට් නිවේදනයක් මඟින් අද (18) නැවත මුදල් අමාත්‍යාංශයට පවරා ඇත.
හිටපු ඇමැති රවී කරුණානායක මහතාගේ අමාත්‍යාංශය වෙනස් වීමත් සමඟ මුදල් අමාත්‍යාංශය යටතේ පැවති මෙම විෂයන් ඉකුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විදේශ අමාත්‍යාංශයට පවරා ගැණුනි.
කෙසේ නමුත් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පෙර පැවති පරිදීම නැවතත් මුදල් අමාත්‍යාංශය යටතට පත් කැරිණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය විෂය පැවරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ද ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ අමාත්‍යාංශය යටතට මේවා ගත්ත එකම විහිළුවක් නේද? මාස්පතා මෙහෙම විෂයන් අරහෙට මෙහෙට මාරු කරන එකෙන් මොන තරම් නාස්තියක් වෙනවද? ඇයි මේක තේරුම් ගන්න බැරි මේ දේශපාලකයන්ට?
හත් දෙයියනේ, රටක වැදගත් තීරණ ගන්නේ මෙහෙමද? ආපසු ගැනීමෙන් ඔප්පු වෙන්නේ කලින් විදේශ අමාත්‍යංශය යටතට ගත්තු එක වැරදියි කියලා නේද? හිටපු ඇමතිගේ පුද්ගලික ඕනෑකමට ගත්තයි කියන එක නේද? මේ තීරණ වලට වගකිවයුත්තා කවුද? ඔහු මහජනයාට මෙය පැහැදිලි කලයුතුයි නේද?
අනේ අම්මපා අපේ රටට වෙන්නේ මොකද්ද ....? මේ හරක් මාරු වෙන ගානට විෂයන් මාරු කරලා රට විනාශ කරන්න යන එක අගමැතිට කෙසේ වෙතත් ජනාධිපතිටවත් පෙන්නේ නැතිද? විධායක බලය කොස් කොටන්නද තියන් ඉන්නේ....?
යහපාලන සරම හරහා පෙනෙන අපූරු විනිවිද භාවයේ අරුමය
අපරාදේ. රවී හිටියා නම් මේක අපනයනය කරනවා.