ලොතරැයි ටිකට් පතක මිල වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය අද (03) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීය.
ලොතරැයි මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් පසුගිය ඉරිදා (01) සිට ලොතරැයි අලෙවිසල් වසා දමා වර්ජනයේ යෙදුන ද ඊට පිළිතුරක් නොලැබීම නිසා මේ විරෝධතාවය පැවැත්වූ බව එම සංගමය කියයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවල මිල රු 10/= සිට රු 20/= දක්වා 100% කින් වැඩිකළ දවස් වල කව්රුත් පිකට් කළේ නෑ නේද ? (බ)
දැන් මේ රටේ තීරණ ගන්න වෙලා තියෙන්නේ බස් සංගම් වලිනුයි, යතුරුපැදි පදින අයගෙනුයි අහලද? අපේ මිනිසුන්ට හරියන්නෙම ඒකාධිපති පාලනයක්ම තමයි. (නි)
වෑඩිකළාම මෙයාලාට මොකද, ඕවා ගන්නේ මහජනයානේ. හැම එකටම පිකටින්. අම්මපා! ගහලා එළවන්න තියෙන්නේ (නි)
මිල වැඩිවුණාම ඒවා ගන්න මිනිසුනුයි විරෝධය පළකරන්නේ. නැතුව විකුණන මිනිසුන් නොවෙයි. (නි)
ප්රදීප්, එතකොට තිබුනේ අප්පච්චිගේ පාලනයනේ. එතකොට ඔය කව්රුත් මියෝ වගේ හිටියේ. (නි)
පව්! අහිංසකයන්ව කවුරුහරි ගොනාට අන්දවලා. වෙනදා ලැබුණ දිනපතා ආදායමත් නැතිකරගෙන. මෙයාලා හැසිරෙන්නේ ලොතරැයි මණ්ඩලය වහලා දැම්මා වගේනේ. (නි)
ඒ මිනිසුන්ට තියෙන ප්රශ්නය මිල වැඩි කිරීමට සාපේක්ෂව ඒ ගොල්ලන්ගෙ කොමිසන් එක වැඩි නොකරපු එක. ප්රශ්නය නොදැන හැම එකටම දේශපාලන අදහස් දාන්න එපා. (නි)
ලුම්බිණි, ස්විප් මිල වැඩි වුනාට මේ මිනිස්සුන්ට ගෙවන කොමිස් මුදල වැඩි කරලා තියෙන්නේ වැඩි කළ මිලට සාපේක්ෂව නෙමේ. මිල වැඩි වුනාම මිනිස්සු ස්වීප් ගැනීම අඩු කරනවා. එතකොට මේ මිනිස්සුන්ට ලැබෙන ආදායම ස්විප් එක 20/- ට තිබුනටත් අඩුයි. ඒකයි මේ මින්ස්සු උද්ඝෝෂණ කරන්නේ (හේ)