ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය නතර කිරීමට අද (5) පස්වරුවේ තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව සිකුරාදා (6) සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදුකරන බවත් තමන්ගේ කොමිස් මුදල් සම්බන්ධ ගැටලුවට ජනපති මැදිහත්වී ඉදිරියේ දී විසඳුමක් ලබාදෙන බව පැවසූ බවත් මාරඹගේ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිරිස පරාජිත දේශපාලකයින්ගේ කියුම් අහලා මේ ප්‍රශ්නය අනා ගත්තා . මින් ඉදිරියට කිසිම දවසක මේ අයගේ සමිතියෙන් කිසිම ඉල්ලීමක් දිනා ගන්නේ නැහැ . (හේ)
හොද තීරණයක්.(හේ)
හි හි හි...දවස් ගනන් හම්බ කර ගන්නෙත් නැතුව පාරෙ වේලිලා, කෑ ගහගෙන ,ලේ පුච්චගෙන , ආණ්ඩු පෙරලන්න හිතාගෙන වෑඩ දාල, දැන් නිකන් කිච වෙලා ..අයියෝ කට්ටිය...මේ ලංකාවෙ හැමෝම හිතන්නෙ වර්ජන , තර්ජන, විරෝධ, සත්‍යග්‍රහ, උද්ඝෝෂණ කළාම ආණ්ඩුව බයවෙලා හෑම දේටම එකග වෙනවා කියලා..(බ)
බස්, තුන් රෝද වර්ජනේටත් මේ වගේ බෙහෙතක් දුන්න නම් කදිමයි. (ර)
ඔය වගේම ආණ්ඩුව 25,000/- හේ දඩේට තදින් හිටියනම්, ජීවිත ගණනක් බේරගන්න තිබ්බා. තීන්දුවක් තීරණයක් ජනතාව වෙනුවෙන් ගත්තොත්, එය ජනතාවගේ පැත්තෙනුත් සාධාරණ නම්, එම තීරණය ඉල්ලා අස්කර ගැනීම නොකළ යුතුයි. (ර)
හැම අදහසක්ම නියමයි.(හේ)
රටක ජනාධිපති කෙනෙක් රටේ සියලු සුළු දෙයට මැදිහත් වීම සුදුසු නැත. එවිට අනිත් නිලධාරීන් සහ පාලකයන්ගේ කීමට කිසිවකුත් අවනත නොවේ. (ර)