යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් වරයකුට පොලිසියේ දී පහර දුන් බව කියන අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ ජගත් චමින් පෙරේරාගේ වැඩ තහනම් කර ඇත.
අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහර දවසේ රන් දම් වැලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලුතිනන්ගේ සහෝදරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඒ ගැන සොයා බැලීමට පැමිණි අවස්ථාවේ ලුතිනන්ට පහර දී ඇතැයි ද ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුතිනන් උනත් පොලීසියට ගියාම පැමිණිලි කරුවෙක් පමණයි. කාට උනත් පොලීසියට ගියාම ගුටි අනින්න අයිතියක් නැහැ. (නදී)
අයි.පී ගේ වැඩ තහනම් කරලා විතරක් මදි කන පැලෙන්න දෙකක් දෙන්න ඕනා. (නදී)
වැරදිකාරයින්ට දඩුවම් දීම උපරිමයෙන් කළ යුතුයි. (නදී)
අම්මගේ තාත්තගේ දේපලක් කියා හිතන නිලධාරීන් මේ වගේ වැඩ කරනවා (නදී)
රන් දම්වැලක් කොල්ල කෑම ගැන සැක කරන පුද්ගලයා අනාගතයේදී දේශපාලන ලොක්කෙක් වෙන්න පුහුණුව ලබනවා වෙන්න පුළුවනි (නදී)
මොන දුර දිග යාමක්ද? එක පාරක් බුද්ධි අංශයේ කෙනෙක් අම්බානකට ගුටිකාලා කිව්වේ එයාම එයාට ගහගත්තා කියලා (නදී)
සමීර ඒ කතාව නම් නියමයි (නදී)
සමීර ඔයාගේ කතාව හරියට හරි. නැති නම් මට කිසිවක් මතක නැහැ කියාවි අර කොළොන්නාවේ සිද්දිය වගේ.(නදී)
බුද්ධි අංශ ලුතිනන්කම හොරුන් පොලිසියෙන් බේරාගැනීමට යොදාගැනීම නුසුදුසුය. එසේ කර ඇත්නම් පළමුව වැඩ තහනම් කළයුතු වන්නේ ඔහුගේය (නි)
පොලිසිය ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)
කමක් නැහැ යුද්දේ දින්නානේ. දැන් බලාගෙන ගියාම ආණ්ඩුව දේවලයක්වත් අතහැරලා නැහැ. හැමතැනම බුද්ධි අංශයෙන් දාලා.අනේ අපොයි ලංකාවේ හමුදාවට ගිය කලක්. මමත් යුද්දෙට ගිහින් දැන් කකුල් දෙකම නැතිව ගෙදරට වෙලා බඩගින්නේ ඉන්නවා. මට මගේ විශාම වැටුපවත් වසර තුනක් වෙනවා තවම හදල දුන්නේ නැහැ. ෆොන්සේකා මහත්තයවත් හිටිය නම් හමුදාවේ විනය කියල දෙයක් තියෙනවා. හට්ටි මුට්ටි අරන් යුද්දෙට බයේ පැනල ගිය අය තමයි දැන් අපේ බඩට ගහන්නේ. (ස)
බුද්ධි අංශයේ අය මේ විදිහට තමන් හෙළිදරවු වෙන හැසිරීම් වලින් වැළකිය යුතුයි. (නි)
සාමාන්‍ය මිනිස්සු ඉදිරියේ නම් ඉතින් සිංහයෝ තමයි. නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක කරද්දී, මේ වගේ පහත් ආකාරයට හැසිරෙන නිලධාරීන්ට උපරිම දඬුවම් දීම අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නොවෙන්න නොවෙන්න සිවිල් සමාජය තුළ පොලිසිය කෙරෙහි පවතින වෛරය තව තවත් වැඩිවෙනවා. (නි)
"කලකදී යහළු කලකදී වහලුන් වෙනවා.." (නි)
රෝහණ, මම ඔබගේ අදහස 100% අනුමත කරනවා. හැබැයි ලුතිනන් කියන නම ගරුසරු වුණාට ඒ අයත් සමාජයේ කරන වැඩ අන්තිමයි. (නි)
ලංකාවේ සිදුනොවෙන අසාමාන්‍ය සිදුවීමක් මෙම පොලිස් නිළධාරියා කර ඇති අතර ඔහුගේ හඳහන බලවා ගැනීම ඔහුට හොඳ වනු ඇත. (නි)
ලුතිනන් එයාගේ බලපුළුවන්කාරකම පෙන්වන්න යන්න ඇති. (නි)
මට නම් ඔය පොලිසියේ අය කොහොමත් පෙන්නන්න බැහැ. මොකද කියලා මම දන්නෙ නැහැ (නි)
ලුතිනන් යන්න ඇති එයාගේ වැඩ පෙන්වන්න. ඕ අයි සී එයාගේ වැඩ පෙන්වන්න ඇති. හොඳ පාඩම මේ දෙන්නාටම. පොලිසියේ අයයි හමුදාවල අයයි ඔක්කොම ලොකු වැඩකාරයෝ කාගෙන් හරි හොඳට ලැබෙනකම් (නි)
"එයා මට ගැහුවා, මට එයා ගැහුවා ..." මතක් වුණා. (නි)
හොරා පොලිස් සෙල්ලම කරන්න ඇති (නි)
කලින් මේජර් කෙනෙකුටත් ගැහුවා නේද, එක්කෙනෙක්? (නි)
අර එස් ටි එෆ් කාරය කොස්ගොඩ නදුන් වගේ මේ යුනිෆෝර්ම් උන තියෙන අයට අහුවෙන තැන දෙන්න ඕනේ කුඩු වෙන්න . නදුන් ට වෙඩි තියල බෝම්බයක් අතින් දාපු නිසාලු එයාට පොලිසිය පේන්න බැරි. (නදී)
පොලිසියේ ගොඩක් අයට උන තියෙනවා නිල ඇදුම නිසා. ඒ අය තමයි පොලිසියේ නම කන්නේ. හමුදාවේ නම් එහෙම අය අඩුයි. මෙහෙම දඩුවම් ලැබෙනකොට උන අඩුවෙනවා. නිල ඇදුම නැති උනාම තේරෙයි. මෙයාල බලන්නේ හැමෝම අපරාධ කාරයෝ විදියට. පැමිණිලි කාරයට කතාකරන්නෙත් අපරධ කාරයට කතාකරන විදියටමයි. හොද අයත් ඉදල හිටලා ඉන්නවා. ඒ අයට මේ ලියපුවා අදාල නෑ.(නදී)
ගහන්න කලින් දැනගෙන ඉන්න නැතුව ඇති, ගුටිකන පුද්ගලයා කවුද කියලා. (නදී)
මේ ප්‍රස්න මෙතනින් සමතයකට පත් කරගත්තොත් හොදයි දුරදිග යන්න කලින්.(නදී)
මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ (දී)