(සිරාජ් හසීම්)
පස්සර ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් රෝගීන් 40 දෙනෙකු පමණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් 300කට අධික සංඛ්‍යාවක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගෙන තිබෙන බවත් ලුණුගල රෝහලේ දිස්ත්‍රීක් වෛද්‍ය නිලදාරී වෛද්‍ය අබේකෝන් මහතා පැවසීය.
මෙලෙස පැතිර ගොස් ඇති වෛරසය ඉන්ප්ලුවන්සා A නැමති සූකර උණ රෝගයක් යැයි අනාවරණය කරගෙන තිබෙන අතර මෙකී වෛරසය සමාජයේ ගැවසෙන පුද්ගලයින් ආශ්වාස පාශ්වාස කිරීම තුළින් ශරීරගත වී තිබේ.
සතියක කාලයක් තුළ මෙම වෛරසය ප්‍රදේශය පුරා පැතිර ගොස් ඇති බවත් මේ වනවිට එම තත්වය ක්‍රම ක්‍රමයෙන් පහවී ඇති බවත් සදහන් කළ වෛද්‍යවරයා මිනිසුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැදී නොසිටින ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටීයි
එමෙන්ම උණ රෝගයක් ඇති වූ විගස වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්,රෝහල්වලට දරුවන් රැගෙන නොඑන ලෙසත්,මංගල අවමංගල්‍ය උත්සව සදහා සහභාගී වීම අවම කරගන්නා ලෙසත්,මුඛ ආවරණ පැළද ගන්නා ලෙසත් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින අතර මෙම වෛරසය අවට ප්‍රදේශවලටද පැතිරීමේ අවධානමක්ද පවතින බැවින් අවට ප්‍රදේශවාසීන්ද ප්‍රවේශම් විය යුතු යැයි සදහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් ඉවර වෙච්ච් දා ඉඳල අපි වයිරස් උණ යුද්ධයකට මුහුණ දීල ඉන්නවා කියල හිතෙන්නේ මට විතරද ?පොඩි උන් ගත්තොත් හැම දාම ඩිස්පෙන්සරියේ . මෙතරම් විශාල ලෙස ,හැමදාම කිසියම්ම හෝ වයිරස් උණක් පවතින කාල වකවානුවක් යුද්ධයට පෙර නොතිබුණු ගානයි.බෙහෙත් වලින් සල්ලි උපයන කිසියම්ම කල්ලියක් කලින් කලට විවිධ වයිරස් උණ රෝග පතුරවනව ඇති කියල හිතෙන්නේ මට විතරම ද ?