IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලෙඩ ළදරුවන් තනිකර මව පියා වන්දනාවේ ගිහින්

(දිනේෂ් උපේන්ද්‍ර)

අවුරුදු අටක,පහක සහ 3  ළදරුවන් තිදෙනකු නිවසෙහි තනිකර බාරයක් ඔප්පුදීමට ශ්‍රීපාදයට ගිය බව කියන මව්පිය යුවළක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දීගල්ල එලතලව ප්‍රදේශයේ මා පිය යුවලකි.

119 පොලිස් හදිසි ඇමතුම් සේවයට ලද තොරතුරකට අනුව වහා එම නිවසට ගොස් තිබූ පොලිසියට දොරගුලු දමා තිබූ නිවසේ උණ රෝගයෙන් පෙළෙමින් සිටි බව කියන එම ළදරුවන් සොයාගන තිබිණ.

දරුවන් තිදෙනා එහිදී කඩිනමින් රෝහල් ගතකිරීමට පොලිසිය පියවරගෙන තිබිණි. පාන් බිස්කට් වර්ග ආදිය කෑමට නිවසේ තැන්පත් කර එම යුවල තවත් පිරිසක් සමගින් වන්දනාවේ ගොස් තිබී ඇත.

වන්දනාගමන නිමවී පැමිණි වහාම මාපියන් අත්අඩංගුවට ගෙන තිබූ අතර රෝහල් ගතව දැඩි සාංකාවෙන් පසුවන දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දරුවන්ගේ මව රඳවා ඇති බව රෝහල් ආරංචි කියයි.

එමෙන්ම රෝහල් ප්‍රකාශකයෙක් වැඩිදුර පැවසුවේ දරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි.

 

 



අදහස් (6)

ලෙඩ ළදරුවන් තනිකර මව පියා වන්දනාවේ ගිහින්

Bamunuarachchi Thursday, 25 January 2024 02:58 AM

මෙවන් මෝඩයින් සිටින රටක ජෙප්පන් බිහිවීම පුදුම නැත.

:       6       4

Aruna Thursday, 25 January 2024 04:54 AM

අප මොනතරම් පාරම් බෑවත් අපේ රටේ මිනිස්සුන්ගේ තත්වය මේක තමා. මොළ වල තරම හොඳටම තේරෙනවා, අවුරුදු 3, 5 සහ 8 ක දරුවන් පාන් බිස්කට් තියලා තනිකර යාම තුලම. මොන දෙමව්පියන්ද මේ අය.

:       0       6

උපාසක Thursday, 25 January 2024 07:17 AM

සමන් දෙවියන් යුක්තිය අයුක්තිය ගැන බලන සැම විටම සාධාරණත්වය වෙනුවෙන් පිහිටවෙන දෙවියන් කෙනෙක් තමයි උන්වහන්සේ අසරණව සිටි දරුවො ගැන බලා තියෙනවා කියන්න පුළුවන්

:       3       0

ලසන්ත Thursday, 25 January 2024 05:45 PM

අදහසට විරුද්ධව සිටින සියලු දෙනා ගැන හරිම දුකක් ඇතිවුණා...

:       0       0

Chandima Thursday, 25 January 2024 08:06 AM

රටම අහේනියෙන් ලෙඩ වෙලා ඉද්දී පලස්තීන ප්‍රශ්නේ විසඳගන්න ගියා වගේ යන්න ඇති

:       1       5

පාඨකයෙක් Thursday, 25 January 2024 10:53 AM

තමා බිහි නොකළ දරුවෙක් දරුකමට හදාගැනීමට ඉල්ලුම් කළ විට සම්පූර්‍ණ කළ යුතු සුදුසුකම් පෙලක් තිබේ. නමුත් අවාසනාවකට, විවාහවී දරුවන් ජාතක කිරීමට බලාපොරොත්තු වන අයට එවැනි යෝග්‍යතා පරීක්ෂණයක් නොමැත.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site