(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
රුපියල් 4,743 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් මෙම මිල පහත දැමීමත් සමඟ රුපියල් 3738 ක් දක්වා අඩුවූ බවත් රුපියල් 1,904 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1502 ක් දක්වා ද, රුපියල් 883 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 700 දක්වා ද, කොළඹ මිල පහත වැටුණ බවත් ඒ මහතා කීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 402 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 183 කින් ද, අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රාජපක්ෂ කල්ලියේ කවි ගී සීපද දැන් හෝ ගාලා ලියවෙයි.
1005 තීරණය කලේ කුමන පදනමින්ද? 1000 යන සංක්‍යාව මත ජනමනස ආක්‍රමණය කිරීමට නොවෙයිද? සිංහල අවුරුද්ද ආසන්නයේ අඩු කලේ අයි? බාණ්ඩයක හෝ ඉන්දන වල මිල තීරණය කළු යුත්තේ ඉහත කරුණු මතද වියදම සහ වටිනාකම මතද? දේශපාලන පන්තියයි හරක් පන්තියේ ආර්ථික විද්‍යාවයි මේ රට ගෙනියන්නේ කොතනටද? මෙම මිල අඩු කිරීම නිසා අප පවතින රජය නැවත බලයට පත්කළ යුතුද?
මේ සිංහල දමිල හා මුස්ලිම් උත්සව නිසාද ?නැහැ ඇයි අයි එම් එෆ් එකේ කොන්දේසි අනුව හොරකමට හම් ද ?
දැනෙන්න අඩු කීරිම් දැනෙන්න වැඩි කීරිමක් වෙන්න කොච්චර කල් යයි ද කියලා බල බලා ඉන්න වෙන්නේ කොහොමත් .
රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වේවි. ඒත් දුෂණය නැති කරන්න පුළුවන් ජගතෙක් ඉන්නවාද? එකටත් solution එකක් තිබෙනවා. ඒ සම්බන්දව ලීවාට මෙහි අදහසක් හැටියට හෝ පළකරන්නේ නැහැ. මෙය පල උනොත් ඒ විසඳුම පලකරන්නම්.
දැන් ඉතින් විදුලි ගාස්තවත් අඩු කලයුතුයි
කුහක හැත්ත හොද දේ හොඳ විදිහට බලපියව්