මහින්දගේ වාසනාවන්ත අංකය 8 ලු. ජූලි 8 වැනිදා නැකතට මිරිහානේ ගෙදරදී නාම යෝජනා අත්සන් කළාලු. මිරිහානේ මේ පැත්ත මැදමුලන වගේලු. අයියලා මල්ලිලා, අක්කලා නංගිලා රැසක් එහි ඉන්නවාලු.
ගිය ජනපතිවරණයේදී රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන මෙවර පැත්ත පළාතක ගියේ නැතිලු. ඒත් ඒ තැනට වෙනත් අය පත් වෙලාලු. වෙනසක් වී ඇත්තේ දෛවඥයා වෙනස්වීම පමණලු. දෛවඥයන් ළඟට නොගොස් ඡන්ද කළ එකම පුද්ගලයා වූයේ ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනපති පමණක්ලු.
ලාබාලම මන්ත්‍රී ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට ආ මහින්ද ඇමැතිකම්, විපක්ෂ නායකකම් ,අගමැතිකම් හා ජනපතිකම් කිරීමෙන් පසු ආයිත් අංශක 360ක් ආපසු කැරකී මුල සිට තංගලු යනවාලු. බලතල කැමැත්තෙන්ම අඩුකර ගත් සිරිසේන ජනපති යටතේ අගමැතිකම වුවත් කරන්නට අකමැති නැති බව ඔහු ළඟදී ප්‍රසිද්ධියේම කියා තිබුණාලු. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකු යැයි කියන කියමන මහින්දට ප්‍රශ්නයක් නැති පාටලු.
තම උපන් ගම වන ගිරුවායේ මැදමුලනට ආයුබෝවන් කියා පොල් ත්‍රිකෝණයේ අගනුවර වන කුරුණෑගල දිසාවෙන් ඔහු ඡන්දයට එයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේම අගමැති කෙනෙක් අපේ රටෙත් ඉන්නවලු (බ)
අනගාරික ධර්මපාලතුමා ලංකාව හැරදා ඉන්දියාවට ගියේ අපේ රටේ කළගුණ දන්න මිනිස්සු ඉන්න හින්ද තමයි..අවුරුදු පහක් යන්න ඉස්සර වෙලා යුද්ධය ඉවර කරපු නායකයාව අමතක කරා නම් වෙන මොන කථා ද...(ම)
29 වතාවක් පැරදිලත් පක්ෂේ ඇතුලේ අය කැරලි ඇති කරලා , පා ගමන් ගිහිල්ල පලයන් කියල ප්‍රසිධියේ කියලත් යන්නේ නැති එකත් ලජ්ජා නැතිකම තමා. (බ)
මට හිතුනේ අනේ මෙහෙම තණ්හාවක් කියල තමා. ජනාදිපති වෙන්න බැරි නම් අගමැති වෙන්න බලනවා. එකත් බැරිනම් ඊට පල්ලෙහා එකක් වුණත් කමක් නැහැ, අනේ දෙවියනේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද මේ මිනිස්සුන්ට(ම)
මැද මූලනේ අඬන අයට මොකද කරන්නේ .මෙතුමා මෙතරම් බලයට කෑදර වෙන මොකටවත් නෙවේ වටේ හිටපු හොරු ටික බේර ගන්න .මොන තරම් පන්සල් වටේ ගියත් කාගෙන්වත් හොද බණක් අහල නෑ (බ)
ඕනලු තව පාරක් දිනන්න අාසලු අායෙත් රට කන්නට රටේ ඉන්න සමහරක් හරක්ට මෙය නොතේරයි (බ)
දේශපාලනේ ගැන කියන්න වදන් නැහැ තමා. මේ ඔක්කොම අපේ කරපිටින් යන බල ලෝභියෝ බලන් යනකොට මෙයාලට ඡන්දෙ දෙන අපි බුරුවො .(දේශපාලනේ සදාකාලික සතුරෝත් , මිතුරොත් නැහැ කියල කියනවනේ ) (බ)
29 පාරක් පෙරදිලත් තාම ඉන්නේ. (ස)
ජාතී විරෝධී කස්ටිය බය වෙලා මේවා දුකට කියන කවි. මහින්ද කොහෙන් ඉල්ලුවම මොකද ඇයි ඔච්චර බය?(බ)
හරි හරි ලජ්ජා තියෙන මහත්තුරු එකතු වෙලා මේ ලජ්ජා නැති එක්කෙනාව ආයේ පාරක් ලජ්ජා හිතෙන්න ගෙදර යවන්නකෝ..එදාට පිළිගන්නම් ඔයාල බයට නෙමෙයි මෙහෙම කිව්වේ කියල..මොනවා කරන්නද අතට ගත්ත දේ කටට දාගන්න පින නැහැ..ඒක දැන්නම් යන්නේ ආයේ මහින්ද මහත්තයාගේ කටට කියලනම් ඇස් පියාගෙන වුනත් කියන්න පුළුවන්..(බ)
මහා බල කෑදරකමක්....ආයේ එන්න හදන්නේ පවුලේ අය කරපු හොර වහගන්නත් වටේ ඉන්න උන්ගේ හොර වහ ගන්නත් පමණි.(බ)
කවුරු මොන තර්ක කළත් මේ රට පාලනය කළ රජ පෙළපතට පසු මෙරට බිහි වූ කීර්තිමත්ම ජන නායකයා මහින්ද රාජපක්ෂ දශක තුනක් මෙරට වෙලාගත් කුරිරු ත්‍රස්ත වාදය පරාජය කළ නායකයා මෙරට වේගවත් සංවර්ධනයකට මුල පුරා තිබියදී නොසිතු කුමන්ත්‍රණයක ගොදුරක් වුනාට සිංහල අපි නුබට නැවත පරාද වීමට ඉඩ නොතබමු ජයශ්‍රී ජයශ්‍රී මහරජ මහින්ද (බ)
සහතික ඇත්ත ඉන්ද්‍රා. (ර)
අනේ අම්මපා! මෙතන අදහස් දමන සමහර අය අහසින් පාත්වෙලා වගේ (නි)
ලැජ්ජාව කෙසේ වෙතත් එන ඡන්දෙන් දිනන්නේ මහින්ද.... ලජ්ජවෙන්න වෙන්නේ ඉතින් යු.එම්.පී. අයට තමයි(ම)
නිමාෂා, නිදොස් බව පෙන්නන්න අායිත් බලයට එන්න ඕනෙම ද ? හිටපු ජනාධිපති හැටියට නීතියෙන් මුක්තියකුත් තියෙනවා නේ ද ? ඔච්චර නිදොස් නම් ඒ මුක්තියත් එපා කියල නොබියව පරීක්ෂණ වලට මුහුණදෙන්න පුලවන් නේ. (නදී)
දෙපාරක් බලයේ හිටපු ජනාධිපතිවරයෙකුට නැවත මොනම ඡන්දෙකටවත් ඉල්ලන්න බැහැ කියලා නීති හදලා නැත්තේ සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිවරයෙක් නැවත මන්ත්‍රීවරයෙක් වෙන්න තරම් පහත් තත්වකට වැටෙයි කියලා ලෝකයා බලාපොරොත්තු නොවන නිසා.
නායකත්වෙන් අයින් වෙන්න කියලා පක්ෂ මූලස්ථානෙ ඉස්සරහ මිනිස්සු ගිනි තියා ගද්දීත් නායකත්වය දාලා නොගිය එක මොනතරම් ලජ්ජාවක්ද...(ම)
ඔව් ඉතින්, ඒ ගොල්ලෝ ඉන්නෙත් ඉලව් වලව්වල නේ... (ර)
රුසියාවේ ජනාධිපතිට පුලුවන්නම් තමුන්ට ආදරේ කරන මිනිස්සු වෙනුවෙන් ඒ යුතුකම කරන්න, ඇය අපේ අයට බැරි.? (ර)
රනිල් කවදාවත් පැරදිලා නෑ 1977 ඉදලා පැරදිලා නෑ මහින්ද ට තිබුන දේ දෙපාරක් නැති වුණා 1977 පැරදිලා ගෙදර 2015 පැරදිලා ගෙදර (බ)
ක්‍රිකට් වලත් කැප්ටන් අාපහු වතුර අදින්නේ එහෙම නැත්නම් පසුපෙළ පිතිකරුවෙක් වෙන්නේ..(බ)
ජනවාරි 8 බොහොම ඉක්මනින් අමතක වෙලා වගේ. මට කණගාටු තවමත් මෙවැනි දේවල් විශ්වාස කරන එකටයි. ඒ අතින් ජේ. ආර්. ජයවර්ධන මහතා විශිෂ්ටයි.(ම)
ප්‍රභාකරන් හරි. අපේ අයට මතක තියෙන්නේ සතියයි. (නි)
මහින්ද අගමැති කරනවද ගෙදර යවනවද නැත්නම් ජනාධිපති කරනවද කියන එක ශ්‍රීලංකා එකේ අපි බලාගන්නම්. (ර)
මෙයා ලංකාවේ දේශපාලනයට කරන හානියේ තරම ඡන්දෙන් පස්සෙත් පෙනේවි . හොදට හිතන්න , වර්තමානයේ තිබෙන දේශපාලන ව්‍යකුලත්වයට වග කියන්න ඕන මෙයා. ඡන්දෙන් පස්සෙත් මෙයා රට අස්ථාවර කරනවම තමයි (බ)
නායකයා යනු ජනතාවට සවන් දෙන්න (ම)
ජීවත් වීමේ අයිතිය ජනතාවට ලබා දුන් ඔබට ජනතාවගේ ප්‍රණාමය කවදත් ලැබෙනවා.(ම)
රට කොටියට ගියානම් ඔයාල කැමැති ඇති පළමුව මගේ රට දෙවනුවත් මගේ රට තෙවනුවත් මගේ රට රටකින් තවත් රටකට ගිහින් බලන්ට රට වැසියෝ රටකට ආදරේ කරන විදිහ වත්තෙන් අගලක් දෙන්නේ නැති අය ඉන්න රටක පළාතකම කොටියට දෙන්ට හැදුවේ. දැන් ඉන්දියාවට පාලමක් දාන්ට හදන්නේ නැති කරදර ගෙනෙන්ටද (බ)
මහින්ද අපේ රට බේරාගත් වීරයා, එතුමා තවත් වසර දහයක් ඇතුලත අපේ රට ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්ය කරනු ඇත (ම)
කට්ටිය ගැන පවු කියලා හිතෙනවා. මහින්ද මහත්තයාගේ ලැජ්ජාව එතුමාට ප්‍රශ්නයකුත් නැත්නම් එතුමාට ඡන්දය දීපු ලක්ෂ 58ක් වන ජනමතය නියෝජනය කරන අපිට ප්‍රශ්නෙකුත් නැත්නම් මොකටද මේ... (ර)
එතුමා අපිට රජෙක් කවුරු මොනවා කිවුවත් (නි)
මෙය ලජ්ජා විය යුතු දෙයක් නොවේ. රටේ ආර්ථිකය අවපාතය බලන ඕනෑම මිනිසකුට යහ පාලනයේ රංගය පෙනේ. (ම)
මගේ අදහසත් තුෂාරගේ අදහසම තමා. (නි)
සිංහල වර්ගයා වැනි කුහක ජාතියක් ලෝකයේ කොහේවත් නැතුව ඇති .මෙපමණ රටට සේවයකළ මහින්ද ට කතාකරන්නේ මහා කැත විදියට .දැන් රට පාලනය කරන අය මොනවද කරලා තියෙන්නේ .වැරදි සෙවීම හා පළි ගැනීම පමණ යි . (ස)
මෙය පැරදිලා ගිය විධායක ජනපති විතරක් නෙවෙයි... ඇප නැති වුණ කෙනෙක් වෙන්න යන්නේ.. පව් ... කුරුණෑගලින් එල්ලන්න එන්නකෝ අපි බල ගන්නම්. දයාසිරිට දීලා අපිට වුණ දේ තමා මේ සැරෙත් වෙන්නේ. (අ)
කම්බා හොරුන්ට මොන ලජ්ජාවක්ද ? (ස)
වරුණ.ඔබ හරියටම හරි.(හේ)
අන්තිමට වෙන්නේ අන්ත පරාජයක් ලබලා ගෙදර යන්න.(හේ)
අසහාය නායකයා,රට බේරාගත් වීරයා, රජ පෙළපතට පසු මෙරට බිහි වූ කීර්තිමත්ම ජන නායකයා කියලා කීපදෙනෙක්ම කියලා තියෙනවා. එහෙව් කෙනා මොකද අවුරුදු දෙකක් කලින් ඡන්දෙ තිබ්බේ? (නි)
පේමදාස මහතා හැර ලංකාවේ අනිත් ජනදිපතිවරුන්ට විශ්‍රාම ගත්තට පස්සේ නිදහසේ ඉන්න අවකාශා තිබුනා. මහින්දට එහෙම ඉන්න ඉඩ දුන්නේ නැහැ. එසේම මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම ගියේ ද නැහැ. ඔහුට දිගටම එල්ලකළ මඩ ප්‍රහාර වල ප්‍රතිපලය වී ඇත්තේ මහින්දගේ පුනරාගමනය. තම නිදොස් බව තහවුරු කරන්න පෙළඹීම ලජජා නැති කමක් වෙන්නේ නැහැ. (හේ)
කතාව නම් සහතික ඇත්ත (නි)
තමුන්ට වෙන්න යන නස්පැත්තිය ගැන හිතෙනකොට සමහර අයට මහින්ද මහත්තයට වෙන ලැජ්ජාව ගැන හරිම කණගාටුවක් ඇති වෙනවා වගේ. මහින්දව පත්කරනවද ඔයාලව පත්කරනවද කියන එක අපේ අයිතියක්. එයාට වෙන ලැජ්ජාව ගැන එයා බලා ගනී. ඔයාලට වෙන ලැජ්ජාව ගැන විතරක් ඔයාලා බලාගන්න. තීරණය ගැනීම ගැන අපි බලාගන්නම්. (නි)
ඇයි තවත් අය ඉන්නේ... (නි)
නෝනා මහත්වරුනේ ලැජ්ජවෙන්න ඕන එතුමා නැවත එන එකට නොවේ...දින 100ක් ඇතුළත වැඩ 100ක් පෙන්වන්න ගිහින් අනාගත්ත. නොදැන කතරගම යන්නගොස් අතරමංවී ඇති කළල අවදියේ අලුත් ඇමති මණ්ඩලය (බ)
ලංකාවේ ලැජ්ජාව බය තියෙන්නේ කාටද? (නි)
කට්ටිය ගැන පවු කියලා හිතෙනවා.මහින්ද මහත්තයගේ ලැජ්ජාව එතුමාට ප්‍රශ්නයකුත් නැත්නම් එතුමාට ඡන්දය දීපු ලක්ෂ 58ක් වන ජනමතය නියෝජනය කරන අපිට ප්‍රශ්නෙකුත් නැත්නම් ඉතින් කමක් නැහැනේ.ඔයාලගේ 62 ට වෙන්න යන ලැජ්ජාව ගැන බලාගන්නකෝ. එතුමා ජනපති වුණෙත් දැන් අගමැති වෙන්නෙත් බැරි නම් මන්ත්‍රී කෙනෙක් වෙන්නෙත් අපේ ඡන්දෙන්.ඒවායේ ලැජ්ජා බය කාටවත් වලංගු නැහැ (නි)
වැරදි වැඩ කරන අයයි ලැජ්ජා වියයුත්තේ... (නි)
කොහොම වුණත් මෙදාපාර නම් හොඳ පාඩමක් ඉගෙනගන්නවා. තණ්හාව ඕනෑවට වැඩි වුණාම විනාශය තමයි (නි)
දැන්නම් අපේ දේශපාලකයන්ගේ ලැජ්ජා නැතිකම ඊටත් වඩා ලොකුයි වගේ (නි)
ජනාධිපතිතුමා අලි ටික කුලප්පු කර ගන්නද යන්නේ (ස)
කිසිම ලැජ්ජාවක් නැති මෙහෙම මිනිහෙක්ගෙන් මොනවද තවත් බලාපොරොත්තුවෙන්නේ. (ස)
වහල් මනසක් තියෙන දියුණු ලොකයක් නොදකින අපත මිනිස්සුන්ටනම් මහින්ද ලොකුයි. ඉදිරි දැක්මක් ඇති ලෝකය දකින මිනිස්සුන්ට මහින්දගෙන් ඇති වැඩක් නැහැ. අද ග්‍රීසියට වෙලා තියෙන දේ තමයි තව ටික කාලයක් මහින්ද හිටියනම් ශ්‍රී ලංකාවටත් වෙන්නේ. ග්‍රීසිය තමන්ට දරන්න බැරි විදියට ඔලිම්පික් තියා ගන්න ණය අරන් අද අන්ත අසරණ තත්වයට පත් වෙලා ඉන්නවා. මහින්දත් කරේ දුප්පත් මිනිස්සුන්ට දන්සල් දෙමින් සෝබන වැඩ කරපු එක. මත්තල හම්බන්තොට අද සුදු අලි වෙලා තියෙන්නේ ඒකයිි. අැවන්ගාඩ් වගේ ආයතන පිහිටුවමින් තම මිතුරන්ට කෝටි ගණන් හොයන්න ඉඩ දුන්නා. රජයේ මුදල් වැය කරමින් දුප්පත් මිනිස්සුන්ට ඔරලෝසු සිල් රෙදි දෙමින් උන්ව ඇන්දුවා අපේ රටේ මිනිස්සුන්ගේ නුගත් කමින් උපරිම ප්‍රයෝජන ගත්ත නායකයා ලෙස මහින්ද ඉතිහාස ගත වී හමාරයි. (ස)
මෙන්න පුවතක් ( දිනය 2017.6.1) පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හිටපු මන්ත්‍රීතුමා 2017 දකුණු පළාත් සභා මහ ඇමති ධුරයට තරග වදියි. ලකුණ පඩික්කම. ඔබගේ වැඩි ඡන්දයෙන් එතුමා පළාත් සභාවට පත් කරමු. (ස)
අනේ ඇත්තට ලැජ්ජාව ගෑවිලාවත් නැ වාගේ (ම)
නියමයි...