ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කර විශ්වාසය කඩ කළැයි එහි හිටපු සභාපති ශෂී දිළුම් වෙල්ගම හා ලංගමට දුනු කොළ සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ඔටෝ පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ එල්. නන්දන පෙරේරා දෙසැම්බර් 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්රාත් රුක්මනී ලියනාරච්චි මහත්මිය අද (20) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා මුදල් විනාශ කරාම ඔය දේවල් වෙනවා.(හේ)
දහම්, මේවා රටේ ජනතාවෙගේ මුදල් . ඔබට මේවා සුළු මුදලක් විය හැකියි (බ)
චානකගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
දැන් අවුරුදු දෙකයි. තව තුනක් ඇතුළත සියල්ල ආවරණය කළ යුතු වේ. (නි)
අධිකරණය පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ කළත් ජරාජීර්ණ දේශපාලනය ඉදිරියේ මොවුන් සියලු දෙනාම අහිංසකයෝ. නිර්දෝෂී අය. (නි)
මේවා තමයි ලොකු ප්රශ්න දැන්.(හේ)
වරදක් කර ඇත්නම් දඩුවම් ලැබෙනවා නියතයි.(හේ)
ඒ කියන්නෙ මොවුන් රටේ ධනපතියන් ලෙසින් සුඛෝපභෝගී ජීවිත ගතකරනවා. ඉතින් එහෙම ජීවත්වෙන්නේ හොරකම් කරලා නේද? හොරකම් කරලා ගෙවන සුඛෝපභෝගී ජීවිතය කුමකටද? (නි)
පළාත් පාලන මැතිවරනෙන් පස්සේ නිදහස් වෙන්න පුළුවන් , (හේ)
ඔය වගේ දේවල් වෙනවා කොහොමත්.(හේ)
අහිංසක ජනතාවගේ ඡන්දෙ මංකොල්ලකාලා බලයට පත්වෙලා රටේ දේපළත් හොරාකන එක සහගහන අපරාධයක්. මේ හෙළිවෙන සොච්චමක් විතරයි. තව හෙලිනොවුණු, හෙළිකරගන්න අමාරු හොරකම් තව කොපමණ හැංගිලා ඇද්ද? (නි)
මේ හොරකම් වල කොමිස් යන්න ඕනෑ තැනට නියමෙටම යනවා ඇති. බලනකොට මුදල් සංසරණය වෙලා තිබෙන්නේ රට තුළ නොව පාලන බලයට පත්වූ හොරු රැලක් අතරෙනේ. ඉතින් කෙසේද රටක් දියුණු වෙන්නේ? (නි)
ඒ කියන්නේ තාත්තා පුතාව සභාපති කරලා ශෂී දිළුම් වෙල්ගම.දෙන්නම එකතු වෙලා ලස්සනට ලංගම දුම්රිය කාලා (බ)
ලියනගේ මහත්තයෝ, මේවා නිකම් ඇස්බැන්දුම් විතරයි , මේ ආණ්ඩුව ඔය ලොක්කන්ව වැරදි කාරයෝ කරාවි කියල විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. පුස් වෙඩි තමයි. සද්දේ විතරයි. හැබැයි .. ගඳ නම් දුරු කරන්න බැහැ! මෙච්චර කාලයක් කාටද දඬුවම් කෙරුවේ? (බ)