ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ සැපයීමේ සිද්ධියකදී රජයට රුපියල් කෝටි 12ක මුදලක් පාඩු කළැයි පවතින නඩුවකට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ලංගම හිටපු සභාපති ඇතුළු සිව් දෙනකුට විදෙස් ගමන් තහනම් කළේය.

ඒ අනුව හිටපු ලංගම සභාපති ශෂී වෙල්ගම, ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මූල්‍ය කළමනාකරු සංජීව වෛද්‍යතිලක, මූල්‍ය කළමනාකරු සුමිත් හෙට්ටිආරච්චි සහ නන්දන මෝටර්ස් හිමිකරු නන්දන ප්‍රියන්ත පෙරේරා යන අයට විදෙස් ගමන් තහනම් කැරිණි.