(පුෂ්පකුමාර ජයරත්න)
වසර 16කට පෙර කුරුණෑගල මඩගල්ල පාරේ දීගාවේ දී 14 දෙනකුට මරු කැඳවූ ලංගම බස් රථ අනතුරට සම්බන්ධ රියදුරුට කුරුණෑගල මහාධිකරණය අද (20) බරපතල වැඩ සහිතව වසර තිස් හත හමාරක සිර දඬුවම් නියම කළේය.
මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් එම නියෝගය දෙනු ලැබුවේ කුරුණෑගල උතුරු ඩිපෝවේ රියදුරකු ලෙස සේවය කළ එච්.එම්.ප්‍රේමරත්න නමැත්තාටය. 2001 දී සිදුවූ අනතුරින් 19 දෙනකුට තුවාල ද සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ අධිකරණය මේ වගේ නඩුවකුත් වසර 16 ක් අරගෙන. මේ වගේ විහිලු ලෝකේ කොහෙවත් නැතිව ඇති.
ඉතාමත් අනර්ඝ දඬුවමක්. මොහුට කිසිදු ලෙසකින් පොදු සමාවක් නොලැබේවා. මොහු ගලවා ගැනීමට යම් නීතිවේදියෙක් ඉදිරිපත් වුවා නම්, මියගියවුන්ගේ ඥාතීන්ගෙන් නැගෙන සාපය ඒ නීතිවේදීන්ටත් ලැබේවා. මාද 196 දශකයේ සිදු බිහිසුනු ලංගම බස් අනතුරිඅකින් මිය ගිය කෙනෙකුගේ දරුවෙක්මි. එබැවින් මම තවමත් මෙවැනි අනතුරක් සිදු කළ මගමරුවා ගලවා ගැනීමට උත්සාහ කරන එවුන්ට සාප කරමි.
මේ අපරාධකාරයට නිසි දඬුවම් ලැබීමේ සතුට හේදිලා යනවා නඩුවේ ප්‍රමාදය ගැන ඇහුවාම. අනේ අපේ යුක්තිය පසිඳලීමක හැටි. මහේස්ත්‍රාත් උසාවියේ අවුරුදු පහයි, නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු පහයි, නඩු කල්දැමීම අවුරුදු හයයි වෙන්න ඇති.
ලෝයර්ස්ලට නම් හෙනම ගහන්න ඕන. අපේ ඉඩම් නඩුවක් කියනවා දැන් අවුරුදු 30 විතර වෙනවා. අපිට අයිති ඉඩමක් වෙන එකෙක් අල්ලාගෙන බලපුළුවන්කාරකමට. දේශපාලන බලය නිසා .අපේ අාච්චි සීය අම්ම තාත්තා හතර දෙනාම මියගියා නඩු කියලම. දැන් මගේ සහෝදර සහෝදරියන් ඉදිරිපත් වෙලා. තාම නඩුව ඉවරනෑ. ලෝයර්සලා වවාගෙන කන ජාතියක්. ඕකුන්ට හෙණම ගහන්න ඕන.
මේ තමයි ලංකාවේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියේ කාලය. මේකට හේතු ගණනාවක් බලපානවා. දවසකට උසාවියකට විශාල නඩු සංඛ්‍යාවක් ලැබෙනවා. ඒක හින්දම කල් යන නඩු තියෙනවා.