දුරගමන් ලංගම බසයකට ගල්කිස්ස ටෙම්පල් පාර අසලදී අද(2)උදෑසන ගල්ගසා සුළු හානි සිදුකර ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියක ආ දෙදෙනෙකු ගල් ගැසීයයි රියදුරු පොලිසියට කියා ඇත.
ත්‍රිකුණාමලයේ පෞද්ගලික බස් හා ත්‍රී රෝද අද වැඩවර්ජනයට එක්විය. ලංගම බස් පමණක් දැඩි ආරක්ෂාව මත ධාවනය වේ. අවස්ථා දෙකක දී ලංගම බස් දෙකකට ගල් ගසා ඇතැයි පොලිසිය කියයි.
ලංගම බස් නැවතුම්පොළෙන් බස් එළියට ගත නොහැකිවන සේ ත්‍රී රෝද රියදුරන් බව කියන පිරිසක් පාර හරස් කරගෙන ටික වේලාවක් සිටි බවත් පොලිසිය පැමිණ ස්ථාන දෙකකදී එවැනි අවහිර ඉවත් කළ බවත් වාර්තාවේ.
මේ අතර දිවයින පුරා ලංගම බස් වලට ආරක්ෂාව සැපයීමට රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති සමග සාකච්ඡා කළ බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා කියයි.
ගල්කිස්ස,පානදුර,මීගමුව,මාතර,කුලියාපිටිය,ගම්පහ,යක්කල,බටලීය,ත්‍රිකුණාමලය,හලාවත,තංගල්ල යන ප්‍රදේශ වලින් ලංගම බස් රථ 20කට පමණ ගල්මුල් ප්‍රහාර එල්ල වී ඇති බවත් කුලියාපිටියේදී සිසුන් දෙදෙනකු තුවාල ලැබු බවත් ලංගමය කියයි.
ජායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

![DSC06996[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC069961.png)
![DSC07016[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC070161.png)
![DSC07035[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC070351.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට ඇයි තදින් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? (ම)
මේ ආණ්ඩුව කරන්න පුලුවන්ද ඔහොම (නි)
මොනා වුනත් වැරදි වැඩක් (ර)
අපි හැමෝම මිනිස්සුනේ.. ප්‍රවාහන ගැටලු තියෙන අතරතුර මෙවැනි දේ කිරීමෙන් තවත් අපහසුතාවයට පත්වන්නේ දුප්පත් ජනතාවයි. (ර)
රජයේ දේපොළ වලට හානි කිරීම වන්දුවම් ලැබිය හැකි වරදකි. (ර)
අද සිකුරාදා ගම වලට යන්න බලාගෙන ඉන්න අසරණ මිනිසුන් ගැනවත් හිතන්න තිබුනා. (ර)