(සනත් ගමගේ)
අම්බලන්තොට කොග්ගල්ල ලංගම බස් රථයේ බොරු බෝම්බය තැබූ පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.
අම්බලන්තොට කොග්ගල්ල හංදියෙන් අම්බලන්තොට නගරය බලා අද(25) උදේ ධාවනය වීමට නියමිතව තිබූ ලංගම බස් රථය තුළ අයිතිකරුවෙක් නොමැති පාර්සලයක් තිබීම සම්බන්ධයෙන් බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරින් ගෙන්වා පරීක්ෂා කිරීමෙන් පසු එම පාර්සලයේ පරණ පරිගණක කොටස් කිහිපයක් තිබී හමු වී තිබේ.
අනතුරුව එය අම්බලන්තොට පොලිසිය භාරයට ගෙන සිදුකළ පරීක්ෂණවලින් පසුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු 26 හැවිරිදි තැනැත්තෙකි.
පරණ යකඩ බඩු එකතු කරන්නෙක් ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා යුධ හමුදාවේ සේවය කල ඉන් පලා ආ අයෙක් බවද පොලීසිය කියයි.
අම්බලන්තොට වරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා මෙම සිද්ධිය සිදුවන දිනට පෙර දින වන තෙක් කොණ්ඩය හා රැවුල දිගට වවා කොණ්ඩය ඉහළට බැඳ තිබූ අතර, ඉන් පසු කොණ්ඩය හා රැවුල සම්පූර්ණයෙන්ම කපා ඇති බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අවස්තාවක මෙලෙස මෝඩ මිහරකෙක් ලෙස හැසුරුණු මේයාට දැඩි දඩුවම් ලැබේවා......
මෙවන් අවස්ථාවක සියලු දෙන පොලිසියට හා හමුදාවට සහයෝගය දීම මිස අනවශ්‍ය කටයුතු කිරීම සුදුසු නොවේ. සියලු දෙන එක ව ඇති වී තිබෙන උවදුරෙන් මිදීමට කටයුතු කිරීමි දැන් කල යුත්තේ.......
මේ ත්රස්තවාදීන් ම තමයි, ආරක්ෂක අංශ නොමග යැවීමටත්, සාමාන්‍ය ජනතාව කලබල කිරීමටත් තමයි මෙහෙම දේවල් කරන්නේ.
ආරක්ෂක අංශවල කාලය නිකරුනේ කා දමන මෙවැනි මෝඩයින්ට මතක සිටින දඬුවමක් ලබා දිය යුතුයි.
මේ පුද්ගලයන් මොන ජාතියේ උනත් ආගමේ උවත් කමක් නැහැ අඩුම වසර 10 බරපතල වැඩ සහිතව සිරදඩුවම් ලබා දෙන්න හැකිනම් මරණ දඩුවම දෙන්න. කිසිම දාක පොදු සමාවක් ලබා නොදෙන්න