(තරිඳු ජයවර්ධන)
වැලිමඩ - බොරලන්ද මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පෞද්ගලික බස් රථයක සේවකයන් අතර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික බසයේ කොන්දොස්තරවරයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය මුල්කරගෙන ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ සේවකයන් අතර ගැටුම් ඇති විය හැකි බැවින් ආරක්ෂාව තර කරන ලෙස බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබේ.
අද(19) දහවල් මෙම ගැටුම ඇති වී තිබෙන අතර වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් වල ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්නයට එකම විසඳුම නම් අනිත් රටවල් වල වගේ බස් සේවය ලබාදීම පුද්ගලික සමාගමකට පැවරීමයි. ටෙන්ඩරය තුළ දිවා රාත්‍රී ගමන් වාරගණන, රියදුරු කොන්දොස්තරගේ සුදුසුකම්, බස් වල, ආසන වල ගුණාත්මක බව හරියට සඳහන් විය යුතුය. බස් අයිතිකරුවන් එකිනෙකා ලාභ සඳහා තරග කරනකන් කිසිදා බස් සේවය දියුණු කළ නොහැක. සියල්ලෝ සෙනඟ ඇතිවිට දුවති. රෑට කිසිම බසයක් නොදුවයි.
ලංකාවේ බොහෝ ප්‍රයිවට් බස් වල වැඩකරන්නේ පහත් ගතිගුණ ඇති අමනුස්සයින් තමයි.
මේ ළඟදීත් ප්‍රවෘත්තියක් ගියා වැලිමඩ ප්‍රදේශයේ ධාවනය කරන පෞද්ගලික බස් රථයක් ඇතුලේ බස් සේවකයෝ දෙන්නෙක් මත් ද්‍රව්‍ය ගන්නවා පොලිසියට අහු වෙලත් තිබුනා