ලංගමය පොදු ජනතාවගේ ප්‍රවාහන සේවාවක් බවත් තම ආයතනය සැමවිටම ක්‍රියා කරන්නේ මගී ජනතාවගේ පහසුව තකා බැවින් නොයෙක් සංගම් මගින් ඉල්ලන මාර්ග තදබද ගාස්තුව මගීන්ගෙන් අයකරගන්නා යෝජනාවට ලංගමය කිසිසේත් එකඟ නොවන බව එහි නියෝජ්‍ය කළමනාකාර රාජා ගුණතිලක මහතා පවසයි.
ජූලි මස 1 වැනිදා සිදුකිරීමට යෝජිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී මාර්ග තදබද ගාස්තුවක් මගීන්ගෙන් අයකිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යෝජනා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය කියන තදබදය ඇති කරලා තියෙන්නේ බස් මගීන්ද? තැලිලා පොඩිවෙලා ඉන්න අපිවම තවත් අමාරුවේ දාන්නයි හදන්නේ. කොහෙන්ද දන්නේ නැහැ මේ වගේ අදහස් පහල වෙන්නේ? (බ)
තදබද වෙලා අපි ඔය බස්වල ගිහින් විඳින දුකට, තදබදය නිසා පොකට් එක නැති කර ගන්නවට, ඉතුරු සල්ලි ඉල්ලුවහම අහන බලු කතා කතාවලට, නගින්න බහින්න කලින් අද්දනකොට සිද්දවෙන තුවාල වලට, අපට කීයක් හරි දෙනවා මිසක් මොනවද මේ ගැමුණු විජේරත්න ඉල්ලන්නේ අපෙන්? (බ)
අන්න ගැමුණු විජේරත්න වැඩේ දෙන්නයි හදන්නේ (බ)
මෙයාට ඔය වගේ අදහස් පහල වෙන්න තරම් මොලයක් නැහැ. කවුරු හරි කියන්න ඇති. අර කලින් කළා වගේ වර්ජනේට කලින් දවසේ අරලියගහ මන්දිරේට සාකච්ඡාවකට එන්න කියලා, හොඳ කාමරයකදී බඩ කට පිරෙන්න කන්න දීලා සාකච්ඡා කළා නම් වර්ජන තර්ජන කිසි දෙයක් නැහැ. (බ)
අපේ වැඩිවූ පඩිය දැන් තිබුණා වගේ වෙලා. කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ මදිවට බස් ගාස්තු වැඩි කරනවා. (නි)
මඟීන්ට ආදරේ නං කරන්න තියන එකම දේ පුද්ගලික බස් සේවය අතුගෑවිලා යන පරිදි මඟීන්ට උසස් සේවාවක් සැළසීමට ලංගම බස් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට පිඹුරුපත් සැකසීමයි. (නි)
අප විසින් කළයුත්තේ පුද්ගලික බස් වලින් ගමන් කිරීම සතියක් නොකර සිටීමයි. එවිට මේගොල්ලෝ එන්නේ අපට වැඳ වැඳ, ලීසිං එක ගෙවාගන්න බැරිවෙනකොට. මේක තමා මඟීන් විසින් පාඩමක් ඉගැන්වීමට කරන්න ඕනෑ (නි)
මෙය කරන්නේ කොන්ත්‍රාත් එකක් වාහන බදු වැඩිකළේ තදබදේ නිසා කියල පෙන්නන්න ඔය බස් කාරයා මේ ආණ්ඩුවෙන් ඡන්දෙත් ඉල්ලුවනේ (බ)
මහා විකාර යෝජනාවක් නේ මේක.පුද්ගලික බස්කරුවන් අපිට මොන පහසුකමක් දිලා දමෙවෙනි දේවල් ඉල්ලන්නේ.(ම)
පුද්ගලික බස්වලින් ගුණාත්මක සේවාවක් ලබා නොදෙන නිසා මිනිස්සු තම තමන්ගේ වාහන වලින් වැඩට යන නිසා තමයි වාහන තදබදය ඇති වෙන්නේ. ඒ නිසා මාර්ග තදබද ගාස්තුව අයකරගන්න ඕනේ පුද්ගලික බස් හිමියන්ගෙන්මයි.(ම)
මෙහෙම හැමෝම මනුෂ්‍යයන්ට ආදරය කරනවනම් ගොඩක් හොඳයි (බ)
පුද්ගලික බස් කොට කොට යනවාට 5%, බස් සේවකයින් නිසියාකාර ඇඳුමක් නොඇඳ යනවාට 5%, ප්‍රවේශ පත්‍ර නොදෙනවාට 5%, ඇසිය නොහැකි ගුවන් විදුලි සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මගීන්ට අසන්ට සලස්වානවාට 5%, බස් මගින් අපහසු තත්ත්වයට පත් කරමින් පටවනවාට 5% , බස් සේවකයන්ට සේවක අර්තසාදකක නොදෙනවාට 5% සහ ඔවුන් නොමිලේ කන සහ මගීන්ගේ පසුම්බිය සූරාකන අපිරිසිදු හෝටල් ළඟ නතර කරනවාට 5% බැගින් මගින්ට දිය යුතුය (බ)