දෙසැම්බර් 2 වැනි දා දින යම් හෙයකින් පෞද්ගලික බස් රථ ධාවනය නොකර වැඩවර්ජනයක් සිදු කළහොත් ඊට මුහුණ දීමට ලංකා ගමනා ගමන මණ්ඩලය සියයට සියයක් සුදානම් බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා “ලංකාදීපයට“ පැවසීය
දිවයිනේ කිසිම අයෙකුට අපහසුවක් නොවන අයුරින් හෙට සිට බස් රථ ධාවනය කරන බවත් දෙසැම්බර් 01 සිට දින හතක් යන තුරු රියදුරු,කොන්දොස්තර,කාර්මික ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කළ බවද ඔහු කීය.
ලංගම සියලුම වෘත්තිය සමිති තමන්ට සහාය දෙන බවත් හේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෛනිකව ධාවනය නිසිපරිදි සිදුකරන්න නොහැකි ලංගමය අමතර බස් යොදවන කතා ජනතාව නොමඟයවන බවයි අපි හිතන්නෙ. මම කඩුගන්නාව සිට බලන මාර්ගයේ දිනපතා ගමන් කරන මගියෙක් වශයෙන් දැනට දින 3ක් තිස්සේ අදාළ බස් රථය එකම ගමන් වාරයක්වත් ධාවනය නොවීම එක් උදාහරණයක් පමණයි. (නි)
මම නම් හිතන්නේ වර්ජනය කරන බස් ලංගමට පවරාගෙන හමුදා රියදුරන් යොදවා ගමනාගමනයේ යෙදවිය යුතුයි. පවුද්ගලික බස් රථ හිමිකරුවෝ හිතන්නේ ලාබය පිලිබඳව විතරක්මයි බස්රථ අබලන්, රක්ෂණ,අදායම් බලපත්,මාර්ග බලපත් විතරක් නෙමේ රියදුරාටත් බලපත් නැහැ ඒ විතරක් නෙමෙයි බස් ඉතාම අපිරිසිදුයි, වැස්සට තෙමෙනවා, කොන්දොස්තරලා මගීන්ට කතාකරන්න දන්නේ නැහැ. මම හිතන්නේ නැවත වතාවක් බස් රජයට පවරාගෙන ලාබයෙන් කොටසක් හිමිකරුට ගෙවීමට කටයුතු කළ යුතු ව තිබෙනවා. (බ)
ඔවි ඉතින් ලංගම වුන්ට නිතියක් නැ ඒ බස් වලට රක්ෂණ සහතික නෑ දුම් වාර්තා නෑ මෝටර් රථ පනත මේවාට වලංගු නැද්ද නිතිය සාමාන්‍ය ජනතාවට විතරද මුලින්ම රජය විනය ගරැක වියයුතුයි නිතිගරැක වියයුතුයි රජයේ වාහන නිතියට පටහැනිව යද්දි පොලිසියට පුලුවන් අහිංසක මිනිහෙක් අල්ලගන්න විතරයි මම කියන්නේ මෝටර් රථ පනත මුලින්ම රජයේ වාහනවල ක්‍රියාත්මක කරලා රජය නිතිගරැකයි කියලා පෙන්වන්න ඊට පස්සේ ඕන නිතියක් ගෙන්න (බ)
සිරිවර්ධන මහත්තය හෙට මාධ්‍ය වලට කියාවි ‘වර්ජනය අසාර්ථකයි ලංගමය 100% සාර්ථක සේවාවක් සපයයි.\" කියල.අපි නම් කල්පනා කරන්නෙ හෙට වැඩට යන්නෙ කොහොමද කියල. (බ)
ලංගම හරියට වැඩ කරනවානම් අපි ප්‍රයිවට් බස් එපා කියනවා. ඒවා තිත්තයි අපිට (බ)
අරුණගේ කතාවට මමත් එකගයි (බ)
මිනිසුන්න්ට නොසැහෙන ලෙස බදු ගහනකොට වර්ජනය කරන එක සාමාන්‍ය දෙයකි , පාර්ලිමේන්තු මන්ත්‍රීලට වැඩි වැඩියෙන් දෙමින් ජනතාව පිඩනයට පත් කරනකොට ඔය දේ සිදුවේ , මිනිස්සු ටිකෙන් ටික ආණ්ඩුවට විරුධව පෙළ ගැසෙන්න පටන් අරන් , (හේ)
බස් කොට උඩ තියන්න දෙන්නේ නැහැ කිවුවට වැඩක් නැහැ රටම ඉන්නේ දැන් කොට උඩ. පාලකයොයි ඡන්දෙ දීපු අපියි දෙගොල්ලොම එකයි. පාලකයෝ බයේ ඉන්නේ කොයි වෙලාවේ කෙලවෙයිද කියල, අපි ඉන්නේ ආයිත් අපිට දඩේකින් හරි බද්දකින් හරි කෙලියිද කියල බයේ. (බ)