සමෘද්ධි ආධාර මුදල් හා ඒ සම්බන්ධ වාර්තා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලු බව කියන කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවිනැගුම සංවර්ධන නිලධාරි රුවන් ප්‍රදීප් මධුෂංක මාර්තු 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
පැමිණිලිකාරිය සමඟ තිස්සමහාරාමයේ හෝටලයක සිටිය දී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරිහු පවසති.
වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියන පැමිණිලිකාරියගේ දරුවාට ලබාදිය යුතු ලිපිගොනු සකස් කර දෙන බව සැකකරු පැවසු බව ඇය අල්ලස් කොමිසමට පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිය කලක්.(හේ)
සමාජය කොහෙටද ගමන් කරන්නේ කියලා මිනිසුන් දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. දුප්පත් අසරණයින්ට රජයක් විසින් අනිවාර්යයෙන් සැපයිය යුතු මූලික අවශ්‍යතා ටික ලබා ගන්නත් කොළ ගානාක් පුරවල හැම කෙනෙක් පස්සෙම, හැම තැනම දුවන්න වුනාට ලැබුනත් සොච්චමයි. කෝටිපතියන්ට හෝ දේශපාලනඥයින්ට ඕවා අත ළඟට අවශ්‍ය ප්‍රමාණයට වඩා දහස් ගුනෙකින් ලැබෙනවා. අවුරුදු 67ක් තිස්සේ ආණ්ඩු කරපු කවුරුත් කළේ එවුන්ටම මිසක් අහිංසක අඩු ආදායම් ලාභීන්ට නෙමෙයි. විකල්පයක් වෙත දැන්වත් ගමන් කරමු.(හේ)
නීතිය පොතේ තිබුණාට ක්‍රියාත්මක නොවෙනවානම් මෙවන් සිදුවීම් වළක්වන්න බැහැ. රට වැසියන්ගේ අවාසනාව (බ)