දැයට කිරුළ ප්‍රදර්ශනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලේඛකයින් ,ප්‍රකාශකයින් හා මුද්‍රණකරුවන් සඳහා ග්‍රන්ථ මුද්‍රණය හා ප්‍රකාශන පිළිබඳව වැඩමුළුවක් කුරුණෑගල වයඹ ප්‍රධාන අමාත්‍යංශ කාර්යාලයේ ලිච්ජවී ශාලාවේදී 13 වැනිදා උදෑසන 9 සිට දහවල් 2 දක්වා පැවැත්වීමට නියමිතය.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය,අධ්‍යාපන සේවා අමාත්‍යංශය හා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශ කාර්යාලය මෙය සංවිධානය කරයි.
ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ අධ්‍යාපන පුහුණු අංශයේ මුලින්ම ලියාපදිංචි වන 75 දෙනාට පමණක් ඊට සහභාගීවීමේ අවස්ථාව ලැබේ.දුරකතන අංක 071-8464428 / 011-2685196

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන් තෝරා ගන්න වැඩ මුළුවක් තිබ්බොත් නරකද (දී)