රන් මාල 101 ඇතුළු   ස්වරනාභරණ තොගයක්   ගමන් මල්ලේ සගවාගෙන  සාජා සිට මෙරටට  පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

කහ පැහැ රන් මාල 68 ක්, කහ පැහැ රන් බේස්ලට් 48ක්, රෝස  පැහැ රන් මාල 9 යක්,  සුදු රත්තරන් මාල 44 ක්,  රන් කරාබු ජෝඩු 10 යක් ,  පෙන්ඩන්ටි 02 ක්,  පලේඩියම් ලෝහ කැබලි දෙකක් සහ රිදී ග්‍රෑම් 45 ක් අත්අඩංගුවට ගත් භාන්ඩ අතර ඇති බව රේගුව කියයි.

එහි වටිනාකම රුපියල්  විසි දෙලක්ෂ හතලිස්  දහස් හයසිය විසිපහකි.

මොහු එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක  දිපාල් සිරිබද්ධන මහතාගේ  අධීක්ෂනය යටතේ රේගු ඇධිකාරී  ඩී.එම්.ඒ නිමල් තිලක, නියෝජය රේගු අධිකාරී විපුල ප්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරී  එම්.අයි රෂීක්, ඩී.ඩී.එස්.සී මයිකල්, අයි.එම්.එල් දුෂ්‍යන්ත, ඒ.ඒ.ඩී.සී ශාන්තප්‍රිය, අජිත් සිරිවර්ධන, පී.එච්.යු.අයි විෙජ්පාල යන නිලධාරීහු සිදුකරති.