රන් මාල 101 ඇතුළු ස්වරනාභරණ තොගයක් ගමන් මල්ලේ සගවාගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
කහ පැහැ රන් මාල 68 ක්, කහ පැහැ රන් බේස්ලට් 48ක්, රෝස පැහැ රන් මාල 9 යක්, සුදු රත්තරන් මාල 44 ක්, රන් කරාබු ජෝඩු 10 යක් , පෙන්ඩන්ටි 02 ක්, පලේඩියම් ලෝහ කැබලි දෙකක් සහ රිදී ග්‍රෑම් 45 ක් අත්අඩංගුවට ගත් භාන්ඩ අතර ඇති බව රේගුව කියයි.
එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ හතලිස් දහස් හයසිය විසිපහකි.
මොහු එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දිපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු ඇධිකාරී ඩී.එම්.ඒ නිමල් තිලක, නියෝජය රේගු අධිකාරී විපුල ප්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරී එම්.අයි රෂීක්, ඩී.ඩී.එස්.සී මයිකල්, අයි.එම්.එල් දුෂ්‍යන්ත, ඒ.ඒ.ඩී.සී ශාන්තප්‍රිය, අජිත් සිරිවර්ධන, පී.එච්.යු.අයි විෙජ්පාල යන නිලධාරීහු සිදුකරති.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලක්ෂ විසි දෙකක රන් ගේන්න හදලා
සත්‍යා Saturday, 08 February 2014 08:28 AM
එගොඩ ගොඩෙත් රත්තරන් මෙගොඩ ගොඩෙත් "රත්තරන්". කන්න නැතත් බොන්න නැතත් හැම තැනකම රත්තරන්.(දිල්)